Powered by Blogger.

E – Bay ගැන දන්නා සිංහලෙන් - 3 කොටස

මුල් ලිපි 2 දාල විනාඩි ගානක් ඇතුලත calls ගොඩක් ආවා මේ ගැන අහන්න. ඒකෙන් තේරුණා ගොඩක් අය මේ වැඩේට කැමතියි කියලා.

පුළුවන් ඉක්මනට අනිත් ලිපි ටිකත් දාන්න හිටියත් මේ දවස්වල වැඩ වැඩි නිසා Blog එක පැත්තේ එන්න බැරි වුනා.

දැන් ගොඩක් අය තමන්ට අවශ්‍ය භාණ්ඩේ search කරලා හොයාගෙන ඇති කියලා හිතනවා. ඒ දේවල් කරන්න දන්නේ නැති අය මේ ලිපි 2 කියවලා බලන්නකෝ.



දැන් හැමෝටම තියන ප්‍රශ්නේ තමයි සල්ලි ගෙවලා මේ භාණ්ඩේ ගෙදරට ගෙන්නවගන්නේ කොහොමද කියලා. මේකට ඔයාට මේ දේවල් තියෙන්න ඕනේ.
1.       PayPal account එකක්.
2.       Web card එකක්. (Internet හරහා ගෙවීම් කරන්න පුළුවන් ඕනෑම card එකක්)
                                            
PayPal account එකක් සෑදීම.

මේ link එකට ගිහින් තියන Form එක Fill කරන්න.

මේක අපි ගනුදෙනු කරන වෙලාවට අතරමැදියෙක් කියන්න පුළුවන්. මේකෙ තියන වාසිය තමයි අපේ කිසිම පෞද්ගලික විස්තරයක් වෙන කෙනෙකුට යන්නේ නැති එක.

Web card එකක් සෑදීම.

මේකට එක එක විදියේ ක්‍රම තිබුනත් ලේසිම system එක තමයි සම්පත් Webcard.


මේකේ ඇති වාසි:

1.       මේක අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. අනවශ්‍ය ලියකියවිලි ඕනෙත් නෑ.
2.       සම්පත් බැංකු ගිනුම්හිමියෙක් වීම අත්‍යවශ්‍ය නොවීම.
3.       ගෙවීම් සිදුකරන විට වැඩිපුර ගාස්තුවක් අය නොකිරීම

මේක පටන් ගන්න ඔයාට දැනටමත් Sumpath Bank account එකක් තියනවනම් Rs:300 ක් හෝ Account එකක් නැත්නම් Rs:500 ක් card එක ගන්න දෙන්න වෙනවා. මිට අමතරව සත 5 ක වත් ඔයාගෙන් ගන්නේ නෑ. 
    තව Account එක පටන් ගන්නකොට Account එකට 2500 ක් දාන්න ඕනේ. මේ දාන 2500 අපිට බඩු ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක සරලව කිව්වොත් Rs.2500 ක් දාලා බැංකු පොතක් open කළා වගේ. ඒ 2500 අපේ බැංකු පොතට වැටෙනවා. වෙනස තියෙන්නේ මේකේ බැංකු පොතක් නැති එක විතරයි.
මෙතනින් ඔයාට තව විස්තර දැන ගන්න පුළුවන්.


මුලින්ම සම්පත් බැංකුවට ගිහින් Sampath webcard application 1 පුරවලා දෙන්න. නැත්නම් මේක download කරලා ඒක පුරවලා දෙන්න.


මේ Application එක පුරවලා සල්ලිත් එක්ක දුන්නම කියන්න අපේ ලගම තියන Bank එකට card එක එවන්න කියලා. නැත්නම් සති 2 ක් විතර යනවා ඒක එන්න. නැත්නම් සතියෙන් එනවා.

ඔයා මේක Topup කරන්නෙත් සාමාන්‍ය විදියට බැංකුවට සල්ලි දාන විදියටයි.

තවත් ලිපියකින් හමුවෙමු.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment