Powered by Blogger.

E - Bay ගැන දන්නා සිංහලෙන් - 1 කොටස

මේ දවස්වල චුට්ටක් busy වුන නිසා මේ පැත්තේ එන්න බැරි වුනා. ආවත් තේරුමක් නැති ,වැදගත් නැති දෙයක් දාන්න මට හිතුනේ නෑ.

ඒ නිසා අද කියන්න යන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙළදාමක් තුලින් ගනුදෙනු කරන ආකාරයයි.


මොකද්ද මේ E-Bay කියන්නේ?

විදේශ රටක් සමග අන්තර්ජාලය හා සම්බන්ධවෙමින් කරන ගනුදෙනුවක්.

මේකේ තියන වාසි මොනවද?

1. ලංකාවේ මිලට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්
2. 90% ක් දේවල් මේකේ තියනවා
3. ලංකාවේ නැති, හොයාගන්න අමාරු දේවල් ගන්න පුළුවන්
4. කඩවල් වල රස්තියාදු වෙන්න ඕනේ නෑ. ගෙදරටම බඩු ගෙන්නන්න පුළුවන්
5. Bit (වෙන්දේසි) කරලා ගන්නකොට සමහර වෙලාවට පට්ට අඩුවට ගන්න පුළුවන්.
6. හදිස්සියෙන්හරි තමන්ගේ නමට ගෙදරට ලියුමක් එන එකත් කොච්චර දෙයක්ද.

           මේකෙන් පට්ට අඩුවට ගන්න පුළුවන් Bit කරලා ගන්න පුලුවන්නම්. හැබැයි ඒකට නිතරම ටච් එකේ ඉන්න වෙනවා. මේකෙන් Rs.5 ට විතර card reader ගත්තා මගේ යාලුවෙක්.

මෙහි ඇති විස්වාසවන්ත භාවය 
මේකට ඇතුල් වෙන්න ජාත්‍යන්තර ලෙස Register වෙන්න ඕනේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. එහෙම අවුලක් වුනත් අපිට Complain කරන්න පුළුවන්. එකට Top rated sales කෙනෙක්ගෙන් ගත්තම හරි.

වැදගත්:
මේකෙන් ඕනෑම කෙනෙකුට බඩු ගන්න පුළුවන්. ඒකෙ අවුලක් නෑ. මේකේ මිලටගත්ත භාණ්ඩේ ගෙදරට එන්න දවස් 2 ත් 20 ත් අතර යනවා. (ඒක තීරණය වෙන්නේ අපි මිලට ගන්න රට අනුවයි). මේකෙදි සමහර sellers ලා post කරනවාටත් Shipping cost එකක් ගන්නවා. සමහර අය එහෙම නෑ. ඒක බලන්න මං පස්සේ කියලා දෙන්නම්)

කොහොමද Bit කරන්නේ, account එකක් හදන්නේ, සල්ලි ගෙවන්නේ, මේ වගේ දේවල් දවසින් දවස කියන්නම්.

එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.

1. මුලින්ම www.ebay.com යන්න.

2. හැම දේටම කලින් E-Bay එකේ register වෙලා ඉමු.

මේකේ තියන ebay user ID කියන එකට කැමති නමක් දෙන්න. ඒ නම වෙන කෙනෙකුට නැති එකක් වෙන්න ඕනේ. (ex: lahirunokia) , password එකටත් එක ඉලක්කමක්හරි තියෙන්න ඕනේ. confirm password එකටත් කලින් දුන්න එකම දීලා submit දෙන්න)





ඊළගට එන එකත් continue කරලා ගියාම ඔයාට පෙනේවි ඔයාගේ නමින් account එකකට log වෙලා තියනවා.

දැන් අපි අපේ E-Mail එකට ගිහින් අපේ mail එක ඇත්ත කියලා තහවුරු කරන්න ඕනේ. ඒකට Mail එකට එවලා තියන E-bay mail එකට යන්න.


ඒක ඇතුලේ තියන Start shopping වලට යන්න.



3. හිතන්න අපිට 16GB pen එකක් ගෙන්න ඕනේ කියලා.

උඩම තියන search එකේ 16GB pen කියලා type කරලා search කරන්න.


දැන් ඔයාට එක එක seller ලගේ price list 1 විස්තරෙත් එක්ක ඒවි. මෙතන උඩ තියන Sort : වලට "Price+Shipping lowest first" දුන්නම price එක අඩු පිළිවෙලට ඒවා හැදෙනවා.



4. මෙතනින් ඔයා කැමති item 1 click කරලා open කරගන්න.

එතකොට අපිට ගන්න අවශ්‍ය pen 1 model 1, color එක වගේ දේවල් අහවි.

මේවා දුන්නට පස්සේ buy it now දීලා භාණ්ඩේ මිලට ගන්න පුළුවන්.

සල්ලි ගෙවන විදිය අද හෙටම කියන්නම්. ප්‍රශ්නයක් තියනවනම් මට කියන්න.. තවත් ලිපි කිහිපයක් මේ ගැන මං දාන්න බලාපොරොත්තු වෙනවා. 



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment