Powered by Blogger.

E - Bay ගැන දන්නා සිංහලෙන් - 2 කොටස

කලින් දාලා තිබුන ලිපියට ගොඩක් හොද ප්‍රතිචාර තිබුනා. ඒ නිසා ටික කාලයක් වැඩි Post ගණනකින් ඉවර කරන්න හිතාගෙන හිටපු E-Bay ගැන ලිපි පෙළ ඉක්මනට දාන්න මං තීරණය කළා.

ඒක බලපු නැති අය මෙතනින් ඒක බලන්න.

E - Bay ගැන දන්නා සිංහලෙන් - 1 කොටස


අද කියන්න යන්නේ Bit කිරීම, Buy it now කිරීම ගැනයි.

Bit කිරීම
මේක අපි ඉස්සර කරපු භාණ්ඩ වෙන්දේසියට සමානයි.

example එකක් විදියට අපි Wireless mouse එකක් E-Bay වල search කරමු.



 මෙතනදීත් මිල අඩු පිළිවෙලට හදන්න අවශ්‍ය නිසා මං Price+Shipping lowest first විදියට sort කළා.

දැන් වම පැත්තේ යටට වෙන්න තියන Format වල තියනවා Auction සහ Buy it now කියලා 2 ක්. 


අපිට අවශ්‍ය භාණ්ඩේ search කලාම මේ විදියට අපිට Format කියන එකත් තෝරන්න පුළුවන්.

මේකෙන් Auction කියන්නේ වෙන්දේසි කරන්න දාලා තියන භාණ්ඩ විතරක් පෙන්නන්න කියලා. ගොඩක් වෙලාවට මේ බඩු මිලෙන් අඩුයි. 

Buy it now වලින් තියන භාණ්ඩ අපිට ඒවායේ දාලා තියන ගණනටම ගන්න පුළුවන්. 


example එකට ගත්ත එකේ අඩුම මිල තියෙන්නේ $0.19 යි. ඒ වගේම ඒ වෙන්දේසිය තියෙන්නේ තව දවස 2 පැය 3 යි. (ඉහත රුපය බලන්න) දැන් ඒක click කරලා ඒක ඇතුලට යන්න. 

මෙතන තියනවා අපිට Bit කරන්න (ලංසු ඉල්ලන්න) තැන. මෙතැන වෙන්දේසිය ගැන ගොඩක් විස්තර තියනවා. 

Current bid: දැනට වෙන්දේසි වන මිල
එතනම යට හිස් කොටුවේ අපිට අපේ ලංසුව දාන්න පුළුවන්. 

සැලකිය යුතුයි: එම සදහන් කල කොටුවට යටින් අපට මීලගට ලංසු තැබිය හැකි අවම මිල සටහන් වේ. මෙම උදාහරණයට අනුව &0.24 වේ. ඒ අනුව අප ලංසුව තැබිය යුත්තේ 0.24 හෝ ඊට වඩා වැඩි ගණනකි. 

ලංසු තැබීමේදී ඉලක්කම පමණක් යොදන්න. "&" mark එක දාන්න අවශ්‍ය නෑ. 


පලවෙනි වතාවට ඔයා bit කරනවානම් මේ වගේ එකක් ඒවි. මේකේ E-Bay username , password දුන්නම මේ වගේ එකක් ඒවි.


මෙතන ඔයාගේ විස්තර පුරවන්න වෙනවා. Address 1ත් හරි එකක් දෙන්න. postal code එක දන්නේ නැත්නම් මේ link එකට යන්න




මෙතන යට අපිට කැමැති ප්‍රශ්නයක් තෝරලා ඒකට උත්තර දෙන්නත් වෙනවා.


දැන් ඔයාට ඔයාගේ ලංසුව confirm කරන්න පුළුවන්.


                                                   



නිතර හමුවන දෝෂ පණිවුඩ.


මෙම seller මෙම භාණ්ඩය අප සදහන් කල රටට එවීම ප්‍රතික්ෂේප කරයි.


ඔබ Bit කරන අතරතුර වෙනත් කෙනෙක්ද Bit කර ඇත. ඒ අනුව ඔබට ඊට වඩා වැඩි ලංසුවකට ඉල්ලීමට සිදුවනු ඇත. මෙම example 1 නම් &0.15 ක්.

තවත් ලිපියකින් හමුවෙමු.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment