සාමාන්‍ය පුද්ගලයෙකුට
ජීවත්වෙන්න පුළුවන් අවුරුදු 120 යි කියලා කියනවනේ. ඊටත් වඩා කාලයක් ජිවත්වෙන්න පුළුවන්
සතුන් ලෝකයේ ඉන්නවා. ඒ තියෙන්නේ ඒ වගේ සතුන්ගේ ජීවත්වෙන වයස අනුව පෙළගැස්මක්..
10. Sturgeon Fish – 125 years old
ආක්ටික් මුහුදේ සහ
ජලාශවල ජීවත්වෙන මොවුන් අඩි 18 ක් දක්වා වර්ධනය වේ. බර රාත්තල් 240 ක් පමණ වේ.
9. Orange Roughy – 149 years old
බටහිර පැසිපික් සාගර ගැඹුරේ
ජිවත්වන මෙවුන් රතු දුබුරු වර්ණයෙන් යුක්ත වේ.
8. The Geoduck – 168 years old
“ගැඹුරට හාරන්නා” යන නමින්ද
හදුන්වන මොවුන් උතුරු ඇමෙරිකාව ආශ්‍රිතව ජිවත් වේ.
7. Lamellibrachia luymesi – 170 years old
පණු විශේෂයක් වන මොවුන් ගැඹුරු
මුහුදේ තෙල් හා මෙතේන් කාන්දුවන ස්ථානවල ජීවත්වේ.
6. Red Sea Urchin – 200 years old
රෝස පැහැයේ සිට තැඹිලි
පැහැය දක්වා වර්ණ පරසක් ඇති මොවුන් පැසිපික් සාගරයේ ජිවත් වේ. මොවුන්ගේ ඇගෙහි ඇති
උල් 8 – 19 cm දක්වා වර්ධනය වන අතර සතුරන්ගෙන් ආරක්ෂාවීම සදහා මේවා උපකාර කරගනියි.
5. Bowhead Whales - 211 years old
වැඩිම වයසක් ඇති ක්ෂීරපායී
සත්ව විශේෂය වන මෙම තල්මසුන් අඩි 66 ක් දක්වා වර්ධනය වේ. උපරිම බර කිලෝ 75,000 -110,000
අතර වේ.
4. “Hanako” the Koi Fish – 226 years old
නිවෙස්වල ඇතිකරන
පොකුණුවල පවා බහුලව දක්නට ඇති මොවුන් සුදු, කළු, රතු, කහ නිල් හා ක්‍රීම් වර්ණයෙන්
යුක්ත වේ.
3. Freshwater Pearl Mussels - 250 years old
ඉතා පිරිසිදු මුතු වර්ග
ලබාගතහැකි මොවුන් පිරිසිදු ජලයේ ජිවත් වේ.
2. “Adwaita” the Aldabra Giant Tortoise – 256 years old
කිලෝ 250 ක පමණ බරකින්
වන මොවුන්ගේ වයස කාබන් කාල නිර්ණය මගින් වයස බැලුවිට ඉහත රුපයේ සිටිනා ඉන්දියානු ඉබ්බා
වසර 256 ක් ජිවත් වී ඇත.
1- Ocean Quohog – 507 years old
උතුරු අත්ලාන්තික්
සාගරයේ ජීවත්වෙන මොවුන් අහාර සදහාද විශාල වශයෙන් භාවිතා කරයි. මුහුදෙහි අඩි 1300
ක් දක්වා ගැඹුරෙහි ජිවත්වන මොවුන් මුහුදු වෙරළෙහි පවා දකින්නට පුළුවන්.
මේ දත්ත වලින් පැහැදිලි
වෙන එකම කරුණ තමයි මුහුදෙහි ජිවත්වන සතුන් ඉතා විශාල කාලයක් ජිවත්වන බව.
Reference: www.wikipidia.org
අපූරු දත්ත ටිකක් ස්තූතියි
ReplyDeleteThanks yaluwa...
Deletekeep with us
maru lahiru aiya
ReplyDeleteElazz
Delete