සමහර රටවලට තදටම අව්ව තිබිලත් හොදටම ගංවතුර ගලනවා කියලා මං
අහලා තියනවා. ඒ ලොකු ගංගාවලට ඉහළ රටවලට වැස්ස තියන නිසා කියලා තේරෙනවනේ…
ඒත් ලංකාවේ අයටනම් එහෙම ලොකු අවුලක් නෑ. එහෙම වුනත් වෙන්නේ
මහවැලි ගග අවසානයේ ඉන්න අයට විතරයි.
අද කියන්න යන්නේ ලෝකයේ දිගම ගංගා 10 ගැන.
10. Amur –
Argun, Asia – 4,444km
රුසියාව, චීනය හා මොන්ගෝලියාව හරහා ගලායන මේ නදිය Okhotsk
මුහුදට වැටේ.
9. Congo – Chambeshi, Africa - 4,700km
උපරිම ගැඹුර අඩි 720ක් නිසා ලෝකයේ ගැඹුරුම නදිය ලෙස
සලකයි. Democratic Republic of the Congo, Central African Republic, Angola,
Republic of the Congo, Tanzania, Cameroon, Zambia, Burundi, Rwanda හරහා යන නදිය
අත්ලාන්තික් සාගරයෙන් කෙලවර වේ.
8. Paraná –
Río de la Plata, South America – 4,880km
අමෙරිකාවේ
3 වෙනි දිගම ගග වන මෙය Brazil (46.7%), Argentina (27.7%), Paraguay (13.5%),
Bolivia (8.3%), Uruguay (3.8%) ලෙස ගලා බසියි.
7. Ob – Irtysh, Asia – 5,410km
චීනය, කසකස්තානය,
රුසියාව හා මොන්ගෝලියාව හරහා ගලා බසියි.
6. Yellow River, China – 5,464km
රටම සෙදී
කහ පැහැයෙන් මුහුදට වැටෙන මේ ගග ගලායන්නේ චීනය හරහා පමණි. අවසානයේ Bohai මුහුදට එකතු
වේ.
5. Yenisei –
Angara – Selenge, Asia – 5,539km
ආක්ටික්
සාගරයට එකතුවන විශාලතම ජලකද ලෙස සැලකෙන මෙය රුසියාව හරහා 97% ක් හා මොන්ගෝලියාව හරහා
ඉතිරිය ගලාගොස් Kara මුහුදට එකතුවේ.
4. Mississippi – Missouri – Jefferson, North America – 6,275 km
මිසිසිපි
ගොඩක් ජනප්‍රිය ගංගාවක්. 98.5% ක් ඇමෙරිකාව හරහා සහ ඉතිරිය කැනඩාව හරහා ගලයන මෙහි අවසානය
Gulf of Mexico වලදී දැකිය හැක.
3. Yangtze River, China – 6,300 km
ආසියාවේ
දිගම ගංගාව ලෙස සැලකෙන මෙහි සම්පුර්ණ අයිතිය චීනයට හිමිවේ. අවසානය චීන නැගෙනහිර වෙරළෙන්
සටහන් වේ.
2. Amazon River, South America – 6,400 km
ලෝකයේ වැඩිම
ජලය ප්‍රමාණයක් ගෙනයන මෙහි ජාල ප්‍රමාණය පෙර කී ගංගා 7 හි ජල ධාරිතාවල එකතුවටත් වඩා
වැඩිවේ. Brazil, Peru, Bolivia, Colombia, Ecuador, Venezuela, Guyana හරහා ගමන් කරන
මෙය අත්ලාන්තික් සාගරයෙන් අවසාන වේ.
1.
Nile
River, North-East Africa – 6,650 km
මේක ගැනනම් ගොඩක් අය අහලා තියනවනේ. Ethiopia,
Eritrea, Sudan, Uganda, Tanzania, Kenya, Rwanda, Burundi, Egypt, Democratic
Republic of the Congo, South Sudan ලෙස රටවල් 11 ක් හරහා ගලාබසියි.
ලෝකයේ ඉතිරි දිගම ගංගා 175 ක විස්තර ඔයාට මෙතනින්
බලන්නත් පුළුවන්.
තවත් මේ
වගේ ලිපි මෙතනින් බලන්න පුළුවන්.
ලෝකයේ වැඩිම හා හොදම
ලෝකයේ වැඩිම හා හොදම
0 comments:
Post a Comment