Powered by Blogger.

Hard එකේ දෙක දෙක තියන Files, Videos Delete කරමු (Delete Duplicate files)


හාඩ් ඩික්ස් එකේ තියන ඉඩ මදිවීම ගොඩක් අය ට  තියෙන ප්‍රශ්නයක්.

මේකට බලපාන එක හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන් duplicate files.

ඒ කියන්නේ එකම file එක hard disk එකේ තැන් දෙක තුනක තියනවා.



මේකට කරන්න තියෙන්නෙ පොඩි වැඩක්.

software එකක් download කරල ඒකෙන් duplicate files තෝරගෙන අපිට අවශ්‍ය නැහැ කියලා හිතෙන ඒවා delete කරන්න පුළුවන්.

මටනම් මේ වැඩේ නිසා 13GB ඉතුරු කරගන්න කර ගන්න පුලුවන් උනා.

එහෙනම් වැඩේ පටන් ගමු.

මුලින්ම මේ පහල තියෙන ලින්ක් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න. (10MB)

https://www.auslogics.com/en/software/duplicate-file-finder/

ඩවුන්ලෝඩ් කරගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.

දැන් software එක open කල කලාට පස්සේ ඔයාට මෙහෙම ස්ක්‍රීන් එකක් දකින්න පුළුවන් වෙයි.

yes දීල ඉදිරියට යන්න




මෙතනින් එන Window එකේදි ඔයාට duplicate file හොයන්න අවශ්‍ය ෆෝල්ඩර් එක දෙන්න වෙනවා.

එතැනම දකුණු පැත්තෙ තියෙන එකට file type එක දෙන්න වෙනවා.




හැම විස්තරයක්ම දුන්නට පස්සේ next දෙන්න.


මේ විදිහට දිගටම next කරගෙන යන්න වෙනවා. ඔයාට කැමති නම් මෙතන පොඩි පොඩි වෙනස්කම් වුනත් කරන්න පුළුවන් .




මෙතනදි ඔයා ඔයා  තෝරගන්න ඩුප්ලිකේට් ෆයිල් එක permanent delete කරනවද, recycle bin එකට යවනවද කියල තීරණය කරන්න පුළුවන්.

අන්තිමට Search කියන එක දෙන්න.




වැඩේ වෙලා ඉවර උනාට පස්සේ ඔයාගේ ෆෝල්ඩර් එකේ තියන duplicate file සෙට් එක මොකක්ද කියල දෙනවා.



ඔයාට මෙතනින් delete කරන්න ඕන file ෆයිල් එකට ටික් එක දාල පහල තියන delete selected files දුන්නම හරි.



වැඩේ ඉවර උනාට පස්සේ  duplicate file ටික recycle bin එකෙනුත් ඔයා කැමතිනං delete කරලා දාන්න.




වැඩේ ගොඩ නේද?

මේ වගේ තවත් ලිපි පහල ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්.


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: