Powered by Blogger.

Online Banking / SMS Banking සමග කළහැකි, ඔබ නොදත් දේ. අනිවා බලන්න (Online Banking uses)


මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන Service එකක්. මේක නොමිලේ කරගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් කියනවා.

ඔයාලා හිතනවට වඩා ගොඩක් වැඩි පහසුකම් ගොඩක් මේවා යටතේ ගන්න පුළුවන්. ලොකුම වාසිය තමයි ඔයාලට ගෙදර, Office එකේදීම මේ දේවල් කරන්න පුළුවන් වීම කියන්න පුළුවන්.

Ex:
එක් බැංකුවක Account එකක් මගින් ඕනෑම බැංකුවකට මුදල් යැවීම.
විදුලි බිල්පත් ගෙවීම
Phone එක Reload කරගැනීමට. (Prepaid package සදහා)
Phone Bill එක ගෙවීම සදහා. (Postpaid Package සදහා)

මේ වගේ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්.




මේකෙන් මොනවද කරන්න පුළුවන්?

විමසීම්
-          ගිණුම් ශේෂය
-          අවසාන ගනුදෙනු 5 පිරික්සීම
-          විනිමය අනුපාතය
-          Credit card ශේෂය
-          චෙක්පත් විස්තර

මුදල් හුවමාරු
-          එම බැකුවේ බැංකු ගිණුම් අතර
-          එම බැකුවේ ගිණුමක් හා වෙන බැංකුවක ගිණුම් අතර

බිල්පත් ගෙවීම
-          ජංගම දුරකථන බිල්පත් (Postpaid)
-          රිලෝඩ් (Prepaid)
-          Land Phone බිල්පත් (Lanka bell, Cytilink etc)
-          ජල බිල්පත්
-          විදුලි බිල්පත්
-          ක්‍රෙඩිට් කාඩ් බිල්පත්

උකස්‌ කටයුතු
-          උකස්‌ ශේෂය විමසීම
-          උකස්‌ භාණ්ඩ බේරාගැනීම සදහා ඉල්ලුම් කිරීම

SMS කටයුතු
-          ගනුදෙනුවක් සිදුවනවිට SMS මාර්ගයෙන් දැනුම්දීම.
-          මාසය අවසානයේ පොලිය SMS එකක් මගින් දැනුම්දීම.



මේ සදහා ගාස්තුවක් අය කරනවද?

දන්න විදියටනම් මහජන බැංකුවේනම් මේ සේවාව නොමිලේ සපයනවා. ලංකා බැංකුව, කොමර්ශල්‍ බැංකුව වගේ ඒවානම් අවුරුද්දකට 500 ක් වගේ ගන්නවා. (සම්පත් බැංකුව 250)

කොහොමද මේ සේවාව සදහා ලියාපදිංචි (Register) වෙන්නේ?

මේවා ඔයාගේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකට අමතර පහසුකමක් ලෙස දෙන සේවාවක්. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ මේ බැංකුවල සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීම විතරයි. මතක ඇතුව Account 1 open කරනකොට SMS Bank වලට Register වෙන්න ඕනේ. Online Banking වලට අපිට Register වෙන්න වෙන්නේ Internet එක හරහාමයි. නමුත් ඔයාට මේකට Application එකක් පුරවලා බැංකුවට දෙන්න වේවි.


කොහොමද දැන් මේ දේවල් කරන්නේ?

SMS Banking වලටනම් බැංකුවෙන් අපිට Code එකක් දෙනවා. (Ex: #488#)

අපිට තියෙන්නේ Call ගන්න විදියට මේ Code එක Dial කරන එක විතරයි. ඊට පස්සේ පියවරෙන් පියවර යන්න තියෙන්නේ. (ගොඩක් අමාරු නෑ)



 එක එක බැංකුවල Online Banking / SMS Banking ගැන ඔයාට මෙතනින් බලන්න පුළුවන්.

ලංකා බැංකුව

මහජන බැංකුව


සම්පත් බැංකුව

NSB බැංකුව


Nations Trust බැංකුව

HNB බැංකුව


සෙලාන් බැංකුව


කොමර්ෂල් බැංකුව

http://www.combank.net/newweb/personal/services?services=9

මේ ලිපියේ pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුළුවන්. (1 MB)




ඔයාලත් දාන්න දේවල් Comment එකක් විදියට දාන්න...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment