Powered by Blogger.

ගෙදරදීම මදුරු උගුලක් හදාගමු (the best mosquito trap in the world )


ඩෙංගු උවදුර නිසා මේ අවුරුද්දේ ජනවාරි - සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් එක් ලක්ෂ 50,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වුණා.
ඒවත් එක්ක බැලුවම මේක නිසා ඇතිවුණු මරණ ප්‍රමාණය ඉතා විශාලයි.

ගොඩක් අයට තියෙන බිසී ලයිෆ් එකත් එක්ක වට පිටාව නිතර නිතර සුද්ද කරන එක අමාරු වැඩක්.

ඒකට විසඳුමක් ලෙස ඔයාට කිසිම වියදමක් යන්නේ නැතිව මේක කරන්න පුළුවන්.

මෙක mosquito trap එකක් විදියට ලෝකයේ ගොඩක්ම පිළිගත්ත method එකක්. ඔයාලටත් අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ "mosquito trap" කියල සර්ච් කලොත් එන්නේ මේ method 1 තමයි.

මේකේ තියන වාසි මොනවද ?
  • කිසිම අමතර වියදමක් අවශ්‍ය නොවීම.
  • විනාඩි දහයක් වගේ කෙටි කාලයක් ඇතුලත සාදා නිම කල හැකි වීම.
මේකෙන් මොකක්ද වෙන්නේ?
මේ ගැජට් එකට බිත්තර දාන්න මදුරුවා, බිත්තර ලොකු වුණාට පස්සේ ඒක ඇතුළෙම ලොකු වෙලා හිර වෙනවා. අපිට අමතරව කරන්න කිසිම දෙයක් නෑ.

මොනවද මේ ඒකට අවශ්‍ය දේවල් ?
  • හිස් ප්ලාස්ටික් බෝතලයක් (විසිකරලා දාලා තියෙන ලීටර ලීටර 1.5 හෝ 2 වගේ බොතලයක් නම් ගොඩක් හොදයි)
  • කතුරක් හෝ paper cutter එකක් 
  • දුඹුරු සීනි ග්‍රෑම් 60 ක් (මදුරු ඝනත්වය අඩුනම් පමණක්)

එහෙනම් වැඩේ පටන් ගනිමු.
මුලින්ම බෝතලේ ටිකක් මැද හරියට වෙන්න කපා ගන්න ඕනේ. (රූපය බලන්න )


දැන් කපපු බෝතලේ යට කොටස අරගෙන උඩ ඉඳලා අගල් 1.5 විතර පහළින් overflow එකක් දාගන්න ඕනේ.

මේකට පිහියක් හෝ paper cutter එකක්  භාවිතා කරලා cm භාගයක විතර කැපුම් දාරයක් කපන්න.



දැන් බෝතලේ කපපු පැත්ත පියන ඉවත් කර අනෙත් කොටසට ඇතුල් කරන්න.

දැන් හොඳට සීල් වෙන්න තද කරන්න.



දැන් මේ භාජනයට වතුර එකක් පුරවන්න.

දැන් වැඩේ හරි.

මේක ඔයාගෙ ගෙවත්තේ මදුරුවෝ ටිකක් වැඩිපුර ගැවසෙන තැනක තියන්න.


වැදගත් 
  • මෙහි ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් දින හතක් ගත වේ.
  • මදුරුවන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීම සඳහා දුඹුරු සීනි ග්‍රෑම් 60ක් සෙල්සියස් අංශක 70 තෙක් රත් කර සිසිල් වීමට ඉඩ හැර, ඊස්ට් චුට්ටක් කවලම් කර මේකට දමන්න පුළුවන්.

  • බෝතලය දෙකට කපා නැවත සවිකිරීමේදී එය හොඳින් සවි වී තිබිය යුතුය. මේ සඳහා ඔබට සිලිකා ගම් වැනි ගම් වර්ගයක් උපයෝගී කරගත හැකි ය. (මම නම් දෙකම එකට තියලා steplar ස්ටේප්ලර් කළා)
  • overflow එකක් සෑදීම අනිවාර්ය අතර මෙමගින් වැසි කාලය තුළදී තුළ දී වතුර ඉහළ නැංවීම නවතී.
  • වතුර පිරුණ පසු පසු බෝතලේ හිස කොටස අඟල් දෙකක් පමණ ගිලී තිබීම ප්‍රමාණවත් වේ.

මෙහිදී සිදුවන්නේ බෝතලයකි බෝතලේ හිස කොටස තුළ බිත්තර දමන මදුරුවා කීට අවස්ථාවට පත්වූ පත් වූ පසු කුඩා කට හරහා බෝතලයෙහි විශාල කොටස වෙත ඇතුල් වීමයි. ඉන් පසුව එහි දී විශාල වන කීටයා එහි ඇතුළදීම මිය යයි.

එතකොට ඔය කටින් මදුරු කීටයා ආයෙත් උඩට එන්නෙ නැද්ද?
පොඩි හරි luck එකක් තියෙන මදුරුවෙක් හිටියොතින් එයා උඩට එන්න පුළුවන්. ඒක නිසා ඒකට පිලියමක් විදියට රත් කළ යකඩ කූරක් භාවිතා භාවිතා කර සිදුරු කරන පියනක් භාවිතා කරන්න පුළුවන්. (මේ සදහා පැන්සලක පමණ ප්‍රමාණයේ සිදුරක් සාදන්න)


(මේ පින්තුරයේ සිදුරු 2 ක් හදලා තියනවා. ඒත් පැන්සලක ප්‍රමාණයේ එකක් ප්‍රමාණවත් )

මේ විදිහට මදුරු උගුල් කීපයක් හදලා, වට පිටාව ටිකක් සුද්ද කරලා ටික කාලයක් තිබ්බ නම් මදුර ගහනය අඩු කරගන්න පුළුවන්.

ඩෙංගු මදුරුවන්ට නම් නම් පිරිසුදු ජලය තියන්න ඕනේ.

ඔයාට අවශ්‍ය නම් මේක ගෙදර ඇතුළෙ වුනත් තියන්න පුළුවන්.

මේ ගැන ලොකු විස්තරයක් ළඟදි ලඟදි "අරුම පුදුම රෝද හතර" වැඩසටහන තුලදී විකාශය වුණා වුනා. ඔයාට අවශ්‍ය නම් නම් වූ වීඩියෝව මෙතනින් බලන්න පුළුවන්.


මම සති දෙකකට කලින් ගෙදර හදපු මඳුරු උගුල් පහෙන් දැනටමත් තුනක බිත්තර දාල තියෙනවා. 

ගෙදර තියන වැඩකට නැතුව විසි කරලා දාන බෝතල් ටිකක් එකතු කරලා මේ වගේ වැදගත් වැඩක් කරලා බලන්න.

තවත් ලිපියකින් හමුවෙමු...


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment