Powered by Blogger.

Phone එකේ Videos හංගමු. (Hide Private Videos on Android Phone)



හිතන්න අපේ Private Video එකක් phone එකේ තිබිලා වෙන කෙනෙක් දැක්කා කියලා. විනාසයි නේද?

එහෙම Video තියනවනම් අපි ගොඩක් වෙලාවට කරන්නේ Folder බර ගානක් හදලා ඒ එකකට දාන එකනේ.
ඒත් ඉතින් දැන් ඔයාට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. 

මේකට කරන්න තියෙන්නේ  ඔයාට අවශ්‍ය photos ටික select කරලා Hide කරන ඒක විතරයි.
එහෙනම් වැඩේ පටන් ගනිමු. 

මුලින්ම මේ වැඩේට App එකක් Use කරන්න වෙනවා. මේකට ඔයාගේ App Store එකට ගිහින් “Video Locker” කියලා search කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ Link එකෙන් ඔයාගේ Phone OS අනුව අවශ්‍ය App එක Download කරගන්න වෙනවා.



දැන් Download කරගත් App එක Install කරගෙන Open කරන්න.

මෙතැනදී මේ App එකට enter වෙන්න Password එකක් ඉල්ලනවා. ඔයා තාමත් කිසිම Password එකක් දාලා නැති නිසා ඔයාට කැමති Password එකක් මෙතැනදී දෙන්න පුළුවන්. (පලවෙනි වතාවේදී එකම Password එක දෙපාරක් ඉල්ලාවි. )

දැන් ඔයාට Hide කරන විදිය ගැන පොඩි Tutorial එකක් පෙන්නාවි. ඒක මග ඇරලා App එකට යන්න. 


දැන් Folder 4 ක්‌ තියනවා දකින්න පුළුවන් වෙයි. (Movies, Private Videos, TV Shows, Video Clips)
මේවයෙන් කැමති Folder එකක් Select කරන්න. එතකොට පහල තියනවා වගේ තැනකට යාවි.

මෙතනින් දකුණු පැත්තේ උඩ තියන + ලකුණ මගින් අපිට Hide කරන්න අවශ්‍ය Videos තෝරලා දෙන්න පුළුවන්.

මෙහිදී Add From ලෙස ඔබගේ Phone එකේ ඇති Folder එකේ නම පෙන්නාවි. ඔයාට සැගවීමට අවශ්‍ය Video ඒක තියෙන්නේ ඒ Folder එකේ නෙමේනම් එතන තියන ඊතලේ click කරලා ඔයාට අවශ්‍ය Folder එක දෙන්න පුළුවන්. 

සැලකිය යුතුයි:
මෙහිදී ඔබට සැගවීමට අවශ්‍ය Video එක Phone Memory තුල තිබිය යුතුය. Memory card එකේ තියන Video hide කරන system එක ඊලග ලිපියෙන් කියන්නම්.

දැන් ඒ Folder එකේ තියන අපිට සැගවීමට අවශ්‍ය Videos පමණක් Select කරන්න.
දැන් එතනම යට තියන Hide * Selected තෙරුවම ඊලග step එක විදියට Hide කලයුතු තැන අහනවා. මෙතැනදී ඔයාට කැමති තැනක් දෙන්න පුළුවන්. 



දැන් Ok කලාම වැඩේ ගොඩ.


දැන් කොහොමද Hide කරපු Video එකක් බලන්නේ?

මේකට පරණ විදියටම App එකට Password එක දීලා enter වෙලා අපි හංගපු තැනින් බලන්න පුළුවන්. දැන් ඔයා Video එක බැලුවට පස්සේ App එකෙන් exit වුනාම Automatically ආයෙත් ඒක Hide වෙනවා.

දැන් කොහොමද හංගපු Video එකක Hide එක නැති කරන්නේ?
හරිම Simple. කලින් විදියටම App එකට ගිහින් අපිට අවශ්‍ය Vidoes ටික select කරලා වම් පැත්තේ යට තියන unhide symbol එක දෙන්න විතරයි තියෙන්නේ.


එතකොට Unhide කරන්න අවශ්‍ය කොතනටද කියලා අහනවා. කැමතිනම් එකත් දීලා Unhide දුන්නනම් වැඩේ ගොඩ.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment