Powered by Blogger.

ඔබටත් වාහනයක් තියනවනම් අනිවා තිබිය යුතු App එකක්. (The Best Vehicle Management App)


මේ ලිපියෙන් වාහන හිමිකරුවෙකු වශයෙන් අනිවාර්යෙන් ඔබ භාවිතා කලයුතු App එකක් ගැන විස්තර කරනවා. 

මේ App එකේ මොනවද තියෙන්නේ?
  • දිනපතා සිදුවන සියලුම වියදම්, ආදායම්, Service, Maintenance සියලු දේ එක තැනක ගබඩා කළහැකි වීම.
  • තෙල් වැඩකරන ප්‍රමාණය (Fuel efficiency), හොදින් තෙල් වැඩකලේ කවර කාලෙකද යන්න වෙන වෙනම දත්ත මගින් මෙන්ම, ප්‍රස්ථාර මගින් නිවැරදිව, පැහැදිලිව බලාගත හැකිවීම. 
  • වාහනයේ සේවා (Service) සිදුකල පිළිවෙල බලාගත හැකිවීම.
  • වාහනය වැඩිපුර ධාවනය කල ඇත්තේ කවර කාලයකද යන්න ප්‍රස්ථාර මගින් අධ්‍යනය කල හැකි වීම. 
  • මාසික, දිනපතා වියදම් ඉතා නිවැරදිව, සාමාන්‍ය වියදම් (Average Cost) අධ්‍යනය කල හැකි වීම.
  • එක් වාහනයකට වඩා වැඩිපුර ඇති අවස්ථාවක වුවද ඒ සෑම විස්තරයක්ම ඇතුලත් කළහැකි වීම. 
  • Internet වල තොරතුරු upload කර තබන නිසා (online synchronise) අලුතෙන් phone එකක් ගන්නා අවස්ථාවකදී පවා දත්ත පහසුවෙන් transfer කිරීමට හැකි වීම. 
එහෙනම් වැඩේ පටන් ගනිමු


මේ App එක ඔයාට Android හෝ Apple දුරකථන වලට නොමිලේම App Store එක මගින් "Drivvo" ලෙස search කිරීමෙන් download කරගන්න පුළුවන්. 



මුලින්ම ඇප් එක ඇතුලට ගියාම ඔයාට මේ වගේ දකින්න පුළුවන්. මේකෙ වම් පැත්තේ උඩ තියෙන ඉරි 3 ට යන්න


මෙතනදි ඔයාට ඔයාගේ Vehicle එක ඇප් එකට එකතු කරන්න පුළුවන්.



එතකොට ඔයා දුන්න නමින් ඔයාගේ ඔයාගේ වාහනයට Register වෙලා තියේවි. 


දැන් ඔයාට මේකේ settings හදන්න වෙනවා. 



මේකේ settings වලට ගිහිල්ලා මේ විදියට units වෙනස් කරන්න. 




එහෙනම් වැඩේ පටන් ගනිමු. 

දැන් තියෙන්නේ ඔයා ඔයාගේ වාහනයට දිනපතා කරන දේවල් එකතු කරන එක විතරයි. 

ඔයාට පරණ විස්තර මතක නැත්තං ඒවා අමතක කරලා අලුත් විස්තර ටික විතරක් දාන්න. 

මේකට ඔයාට දකුණු පැත්තේ යට තියෙන එකතු කිරීමේ ලකුණ භාවිතා කරන්න පුළුවන්


උදාහරණයක් විදිහට ඔයා වාහනයකට තෙල් ගහන්න detail එකක් මේ app එකට ඇඩ් add කරනවා නං ඔයාට එතනට යන්න වෙන්නේ refilling කියන එකට.


ඔයා මුලින්ම ඇප් එකට යද්දී ඔයාට මේ වගේ මැසේජ් එකක් ඒවි. එහෙම එකක් එනවනම් ඒක ok කරලා යන්න. ආවෙ නැත්තං අවුලක් නැහැ. 


refilling වලදී ඔයාට මේ හැම විස්තරයක්ම දෙන්න වෙනවා. 

සැලකිය යුතුයි:
මෙහි දත්ත ඇතුලත් කිරීමේදී ඇති "Are you filling the tank" යන්නෙහි තේරුම ඔබ වහනයට Full Tank කලාද යන්නයි. ඔබ Full Tank කලේනම් පමණක් මෙහි ඇති ටික් එක දමන්න. 


මේ තියෙන්නේ මගේ vehicle එකට මම refilling අවස්ථාවකදී එකතු කරපු detail එකක්. 


වැඩේ හරියට කරල ඕකේ කරාට පස්සේ මේ විදියට දකින්න පුළුවන්. 


තවත් උදාහරණයක් විදියට ඔයා car wash එකක් එකක් මේ ඇප් එකට ඇඩ් කරනවා නම් ඔයාට expense වලට යන්න වෙනවා. එතනදිත් මේ විදිහට data ටික fill කරාට පස්සේ එච්චර ලොකු අමාරුවක් නැහැ. 


මේ විදියට දත්ත ඇතුලු කරාට පස්සේ දත්ත සාරාංශ ගත කරලා ප්‍රස්ථාර විදියට ගන්නෙ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් පැහැදිලි කරන්නම්. 

ඒ ලිපිය මෙතනින් බලන්න. 

ඔබටත් වාහනයක් තියනවනම් අනිවා තිබිය යුතු App එකක්. 2 කොටස. (The Best Vehicle Management App)


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment