Powered by Blogger.

Google Map මගින් අපේ location 1 වෙනත් කෙනෙකුට යවන්නේ මෙහෙමයි. (How to send your location) 2 කොටස

මචං උබලා කොහෙද ඉන්නේ?

මේ වචනේ කොහෙහරි ගමනක් යන්න ගියාම නිතරම ඇහෙනවා. ඒ වගේ වෙලාවක අපි ඉන්න තැන අපිටත් හරියටම කියන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. 

එහෙම නැතුව simple method එකකින් වැඩේ ගොඩදාගන්න මේ විදියට පුළුවන්. 

කොහොමද මේකේ වෙන්නේ?

මේකෙදි අපි ඉන්න Location එකේ Coordinate එක අනිත් කෙනාට link එකක් විදියට යවන්න පුළුවන්. එච්චර බය වෙන්න දෙයක් නෑ. හරිම සිම්පල්. 

කොහොමද මේක කරන්නේ?

වෙනදා විදියටම phone එකෙන් Google Maps යන්න. (GPS on කල පසු)


දැන් ටික වෙලාවකින් ඔබ ඉන්නා location එක Google Maps මගින් හදුනාගනු ඇති. (එසේ නොමැති වුවහොත් පහත රූපයේ පරිදි "My Location" button 1 ඔබන්න)



ඉන්පසු අප සිටිනා Location එක මත ටික වෙලාවක් Tap කරගෙන ඉන්න. ( එක දිගට press කරගෙන ඉන්න)

දැන් එතනට රතු පැහැති Pin එකක් වැටෙනු දැකගත හැක.

ඉන්පසු එහි වම්පස යට කෙලවරේ ඇති "More Info" යන්න.


එවිට පහත ආකාරයට පෙනෙන අතර එහි ඇති "Share Place" දෙන්න. 



මෙහිදී ඔබගේ Location 1 share කළහැකි ආකාර විශාල ප්‍රමාණයක් පෙන්වන අතර මෙමගින් ඔබට පහසු ආකාරයක් තෝරාගත හැක. ( මෙම උදාහරණයේ මා විසින් "Messenger" තෝරා ඇත) 




දැන් කොහොමද ඒ විදියට ලැබුන Location එකක් Open කරගන්නේ?

හරිම සිම්පල්. ඔයාට ලැබුන Message 1 open කරන්න විතරයි. එවිට එය Google Maps මගින් open වෙනු ඇත. 



මේ වගේම තවත් අපි දන්නා Location එකක් වෙන කෙනෙකුට send කරන විදිය ගැන කලින් දාලා තිබ්බ ලිපිය බැලුවේ නැති අය මෙතනින් බලන්න..

අපේ location 1 වෙනත් කෙනෙකුට යවන්නේ මෙහෙමයි (How to send your location) 


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment