Powered by Blogger.

Cable එකෙන් computer 2ක් Connect කරමු..

මේ ගැන කියන්න කලින් දවසක මම computer 2ක් හරි කිහිපයක් හරි Wi-fi connection 1කින් connect කරන විදිය මතකනේ. ඒක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්නකෝ.

Wi-Fi connection එකක් හදමු..


Wi-fi වලින් File share කරමු.....

ඒක ගැන කිව්වම හැමෝම වගේ ඇහුව කථාවක් තමයි computer 2ක් Cable 1කින් connect කරන්නෙත් මේ විදියටමද කියලා..
ඇත්තටම මේක ඊට වඩා ගොඩක් easy වැඩක්.

ඔයාට මේ විදියට connect කලාම තියන වාසි මොනවද?

1. ඔයාට computer 2 ටම එකම internet connection එක හරහා Internet ලබාගත හැකිවීම. (ඒ කියන්නෙ එක ඩොන්ගල් 1යි, computer දෙකෙන්ම internet)
2. Computer 2 හරහා පහසුවෙන් File Share කරගත හැකිවීම.
මෙමගින් ඔබට පහසුවෙන් File copy කරගත හැකිය.
3. Computer එකට copy නොකර වුවද  අනෙක් පරිගනකයේ ඇති දෑ බලාගත හැකි වීම.
මෙමගින් අනෙක් පරිගනකයට කිසිම බාධාවක් නොකර අපට අවශ්‍ය films,Videos වැනි දෑ play කර අවශ්‍ය ඒවා පමනක් copy කර ගැනීමේ හැකියාව.

මේ සදහා අපට network cable 1ක් අවශ්‍ය වේ. (Rs.300)

1. මුලින්ම computer 2 network cable 1 න්connect කරන්න. එතකොට ඔයාට මේ විදියට process වීමක් දකින්න පුලුවන්.



 හරියට connect වෙලා ඉවර වුනාම මේ වගේ දකින්න පුලුවන්.


2. මේ දේවල් කරන්න ඔයාගෙ windows firewall off කරන්න ඕනේ. ඒක කරන්නෙ මෙහෙමයි.
Network sharing and center යන්න.

මෙහෙම යන්න බැරිනම් Windows 7/ Vista වල control pannel--->Network and sharing center

XP use කරන අයට control pannel----> Network connection වගේ නමක් තියෙන්නේ..
Windows firewall--->Turn windows firewall on or off--->Turn off windows firewall කියන ටික් 2ම දාන්න. දැන් මතක ඇතුව OK කරලා close කරන්න.





3. My computer ---->Network යන්න. (එහෙම නැත්නම් network කියලා search වල type කලාම එනවා.)



මෙතන ඔයාට ඔයාගෙ computer 1යි යාලුවගෙ 1යි 2ම පෙන්නනවා.

 D.click කරලා අපට ඇතුලට යන්න පුලුවන්. එතකොට ඔයාගෙ යාලුවා share කරලා තියන folders බලන්න පුලුවන්. යාලුවා එක folder 1ක් වත් share කරලා නැත්නම් මොනවත් තියෙන 1ක් නෑ.

කොහොමද අපේ computer 1 තියන folders share කරන්න පුලුවන් වෙන්න හදන්නේ?
ඒක ගොඩක් ලේසියි. මුලින්ම ඔයාට Share කරන්න ඕන Folder එක R.Click කරලා Share with --->Specific people යන්න. දැන් add button එකට වම් පැත්තෙ තියන arrow 1 click කරලා everyone දෙන්න. දැන් share button 1 click කලාම ටික වෙලවකින් එන window 1 "done" දෙන්න.




share කරපු file 1ක් share කරන එක නැති කරන්නෙ ඒ අවශ්‍ය Folder එක R.click කරලා Share with--->Nobody වලින්.
මේ විදියට ඔයාට computer 2 cable 1කින් connect කරන්න පුලුවන්..

මේ 2 අතරේ internet share කරන විදිය අද හෙටම කියනවා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Replies
    1. mekath balanna
      http://lahirucyberspace.blogspot.com/2014/05/phone-to-phone-wi-fi-file-5mbbs-to.html

      Delete
  2. aiye dan mama pc eke network port ekata router eka connect karala thiyana nisa wena kramayak nadda meka karaganna

    ReplyDelete