Powered by Blogger.

Data කැපෙන්නේ නැතුව Google Map යමු (Google Map offline)

Google Map use කරද්දී ගොඩක් අයට තියන ගැටලුවක් විදියට Signal ගැටලුව කියන්න පුළුවන්. ගොඩක් අය data card එකක් දාගෙන internet යන නිසා සල්ලි වැඩිපුර කැපෙන එකත් ලොකු අවාසියක්. 

මේකෙන් ඒ ගැටලුවට කොහොමද විසදුමක් එන්නේ?

මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය ප්‍රදේශයේ Map එක අපිට හොදට signal තියන වෙලාවක Download කරගෙන පස්සේ කැමති දවසක Data කැපෙන්නේ නැතුව use කරන්න පුළුවන් වීමයි. 

මෙහි ඇති වාසි මොනවද?

* Signal නැති අවස්ථාවක වුවද කිසිම ගැටළුවක් නැතිව භාවිත කල හැකි වීම. 
* තමන්ට කැමති වෙලාවක Download කිරීමටද හැකි නිසා Office එකෙන්, Data connection එකේ Off-Peak time එකට download කිරමට හැක.
* තමන්ට කැමති වෙලාවක අලුත් Update Map එක update කිරීමට හැකිවීම. 

කොහොමද මේක කරන්නේ?

හරිම සරලයි. 

1. පුරුදු විදියටම Google Map එකට App එක හරහා යන්න. 

2. වම් පැත්තේ උඩ තියන ඉරි 3 න් Settings වලට යන්න. 



3. දැන් මේකේ තියන "Offline Maps" වලට යන්න. 


4. Select Your own Map

5. දැන් ඔයාට Download කිරීමට අවශ්‍ය Area එක අහනවා. ඔයාට අවශ්‍ය Area එක අනුව Download file එකේ size එක වෙනස් වේවි. 


දැන් යටින් තියන Download දුන්නනම් හරි. 



දැන් වැඩේ ගොඩ. 



සැලකිය යුතුයි: ඔබට මෙහිදී එක වරකට එක Area එක බැගින් Map කිහිපයක් වුවද Download කරගත හැකිය. 

දැන් ඔයා Download කරපු Area එකේ තියන ඕනෑම එකක් Data Off කරලම search කරලා බලන්න වැඩේ ගොඩද කියලා. 




සැලකිය යුතුයි: ඔබ Search කිරීමේදී download කල Area එකෙන් පිට තැනක් search කලවිට error message එකක් එනු ඇත. 


වැඩේ ගොඩ නේද?

මේ වගේ phone වල තවත් වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්. 



.


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment