Powered by Blogger.

Lap එකට Remote එකක්, Phone එකෙන් හදමු. (Use phone as Laptop Remote Control)


Laptop එකෙන් Film එකක්, Visual එකක් බලන වෙලාවට, එහෙම නැත්නම් Media Player එකේ සින්දුවක් දාගෙන මොකක්හරි වැඩක් කරනකොට සද්දේ අඩු වැඩි කරන්න, Next, Pause කරන්න වගේ දේවල් වලට හැම වෙලාවේම Lap එක ලගට, Desktop එක ලගට යන්න ගියාම එපා වෙනවනේ.

එහෙම වෙලාවක DVD Player එකේ වගේ Remote Control එකක් ඔයාගේ Phone එකෙන් App එකක් භාවිතයෙන් කරගන්න පුළුවන්. 

මේකෙන් මොනවද කරන්න පුළුවන්. 

* Media Player වල (Windows Media Player / VLC/ KM Player ) ඇති සියලුම Functions. (Play, Pause, Next, Volume, etc.

* Remote Mouse එකක් ලෙස භාවිත කළහැකි වීම. 

* Remote Keyboard මගින් අපට අවශ්‍ය දේ ටයිප් කල හැකිවීම.

* My Computer හරහා ඕනෑම දෙයක් දුර සිට වුවද පාලනය කළහැකි වීම. 

* Powerpoint Presentation වැනි අවස්ථා සදහා Remote Control එකක් ලෙස භාවිත කළහැකි වීම. 

මේ සදහා පහත සදහන් පහසුකම් සපුරාලිය යුතුයි:

* Android phone හෝ I-Phone 
* Wi-Fi network එකක්. (ඔබට Wi-Fi network එකක් නැතිනම් Bluetooth මගින් මේ දේවල් කරන ආකාරය පහත ලිපියෙන් බලන්න පුළුවන්)

Phone එක wireless mouse එක විදියට use කරමුද?.......

මේකට කිසිම වියදමක් යන්නෙත් නෑ. Wi-Fi data, Phone Data කැපෙන්නේත් නෑ. 

එහෙනම් වැඩේ පටන් ගනිමු.

මේකට පියවර දෙකක් සම්පුර්ණ කරන්න ඕනේ. 
1. Phone එකට අවශ්‍ය App එක දාගැනීම.
2. Computer (Desktop or Laptop) එකට අවශ්‍ය App එක දාගැනීම.

මේ දෙකම ඔයාට නොමිලේ පහත link එකට ගිහින් කරගන්න පුළුවන්. 


සැලකිය යුතුයි: 
link එකට ගොස් page එකේ පහලට යනවිට පහත රුපයේ පරිදි Download link දකින්න පුළුවන්.

එහෙම නැත්නම් ඔයාට ඔයාගේ phone එකේ Apps Store එකට ගිහින් Wi-Fi Mouse කියල Search කරලත් මේ App එක download කරගන්න පුළුවන්. 

දැන් Download කරගත් Apps, Phone එකට හා Computer එකට install කරන්න ඕනේ. 

සැලකිය යුතුයි:
Computer එකට install කිරීමේදී download file එක Right click කර "Run as administrator" දෙන්න ඕනේ.


හරියට install වුනාට පස්සේ මේ වගේ පොඩි message එකක් ඒවි. 



Phone එකෙන් App එකට ගියාම මේ වගේ දකින්න පුළුවන්. දැන් ඔයාගේ phone එක සහ Computer යන දෙකම එකම Wi-Fi network එකට Connect වෙන්න ඕනේ. 

නිවැරදිව connect වූ විට ඔයාගේ Computer එක දකින්න පුළුවන්. ඒක select කරන්න.


දැන් වැඩේ ගොඩ. දැන් ඔයාට වැඩේ හරිද කියලා check කරගන්න පුළුවන්. මේකේ යටින් තියන එක එක icon ඇතුලට ගිහින් බලන්න එක එක වැඩ දකින්න පුළුවන්. 




සැලකිය යුතුයි: Media Player යටතේ ඇති "VLC , KM Player" වල Control එක ගන්නනම් මේකේ pro version එක ඩොලර් 4.11 ක් දීලා ගන්න වෙනවා. මේක නොමිලේම ගන්න Blackmart වල "Wi-Fi mouse Pro" කියලා search කරන්න. එක කරන විදිය මතක නැත්නම් මේ ලිපිය බලන්න.

සල්ලි දීලා ගන්න Apps,Games නොමිලේ ගමු. (Download payable Apps Free)






වැඩේ කොහොමද කියලා Comment එකක් විදියට දාන්න.

තව Computer වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්.


.
Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment