Powered by Blogger.

පරිගණකයේ වේගය වැඩි කරගමු (4 කොටස)

කොම් එකේ වේගය වැඩි කරගන්න කලින් දාලා තිබ්බ post 3 බලන්න ඇති කියලා හිතනවා.


මේ post එකෙන් කියන්නේ වෙනම වැඩක් ගැන

මේකෙන් කරන්නේ අපි හැමදාම යන Programs වලට ( Mobile Partner, Google Chrome, Firefox, Photoshop, Word, වගේ ඕනෑම එකක්) Keyboard shortcut එකක් හදන්නේ කොහොමද කියලා.

Ex: ඕනෑම වෙලාවක Ctrl+Alt+0 ගහලා Mobile partner open වෙන්න දෙන්න පුළුවන්.

මේකේ වාසි..

1.       මෙය පරිගණකයේ සිදුකරන අලුත් වෙනසක් නොවන නිසා පරිගණකයේ වේගය කිසිසේත්ම අඩු නොවීම)
2.       ඕනෑම වෙලාවක භාවිතා කළහැකි නිසා ( අප වෙන වැඩසටහනක් open කර ඇති විටෙක වුවත් ) පරිගණකයේ වැඩ ඉක්මනින් කල හැකි වීම.
3.       අමතර Software install කිරීමට අවශ්‍ය නොවීම.
4.       ඕනෑම Software , program එකකට මෙවැනි Shortct එකක් යෙදිමට හැකි වීම.
5.       Desktop එක මත ඇති Shortcut ඉවත් කිරීමෙන් පරිගණකයේ වේගය වැඩි කිරීමට හැකි වීම.


එහෙනම් වැඩේ පටන් ගමු.

Start --- > All Progrmas වලින් ඔයාට අවශ්‍ය Program එකට යන්න. ( Open කරන්න එපා) .

එහෙම නැත්නම් Windows 7, 8 වලනම් කෙලින්ම search එකෙනුත් ගන්න පුළුවන්.




දැන් ඒක උඩ Right click කරලා Properties යන්න.

දැන් ඔයා එන properties window එකේ “Shortcut” Tab එකට යන්න.

යට තියන Shortcut එක ඉස්සරහා None කියලා ඇති. එතන click කරන්න.

දැන් ඔයා Keybord එකේ කැමති Key එකක් Press කරන්න. (ගොඩක් වෙලාවට මේ Shortcut එක හැදෙන්නේ Ctrl + Alt + your Key විදියට.



Ex: මධුර සිංහල Dic එකට Ctrl + Alt +  M
ඔයාට මේ Shortcut එක Key 2 කින් දාන්න අවශ්‍යනම් Ctrl press කරගෙන ඉන්න ගමන් Number එකක් press කරන්න.
ex:       Ctrl + 0   Mobile partner
            Ctrl + 1 Google Chrome
            Ctrl + 2 Mobile PC Suite
           
මේ විදියට ඔයාට එක එක program එකට Shortcut වෙන වෙනම හදන්න පුළුවන්.
Shortcut එක හදලා Apply දුන්නම වැඩේ ගොඩ.

Windows 8 / 10 වගේනම් මේක චුට්ටක් වෙනස් වෙනවා. මේකෙදි ඔයාට අවශ්‍ය App එකට ගිහින් (Search හරහා) Right click කරලා "Open file location" මගින් shortcut එක ඇති ස්ථානය සොයාගන්න වෙනවා. 



දැන් එක Right click කරලා properties වලින් කලින් කියපු විදියට shortcut එක දාගන්න පුළුවන්. 



දැන් බලන්නකෝ Shortcut එක වැඩද කියලා.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment