Powered by Blogger.

Twitter වලින් Group messages නොමිලේ යවමු.

ඔයාලගේ Campus එකේ, Institute එකේ, සංගම්වල , ඉස්කෝලේ මොකක්හරි තොරතුරක් අනිත් අයට දෙන්න  message යවනවනේ. 100 ක් , 200 ක් 500 ක් විතර ඉන්න එකක මේකට message වලාටත් ලොකු ගානක් යනවා.

එහෙම නැතුව internet එකෙන් යවන්න කොච්චර ක්‍රම තිබුනත් එපා වෙනවා Internet ගිහින් ඕවා කරන්න. එහෙම නැතුව Phone එකේ එක message එකකින් හැමෝටම නොමිලේ message එවන්න පුළුවන් ක්‍රමේ තමයි Twitter message system එක.

මේකට message යවන කෙනාට විතරක් Twitter account එකක් තියෙන්න ඕනේ.

නැත්නම් මේ විදියට හදාගන්න.

මේ link එකට යන්න.


මේ ටික Fill කරලා  Sign up for Twitter


Next


දැන් ඔයාගේ E-mail එකට ගිහින් account 1 confirm කරන්න,



දැන් Twitter account එකට ගිහින් වම් පැත්තේ තියන mobile කියන එකට යන්න. මෙතන ඔයාගේ phone number එක දෙන්න.

ලංකාවෙනම් මේක කරන්න පුළුවන් Dialog, Mobitel ,Etisalat use කරන අයට විතරයි. මේවයින් Dialog වල speed 1 ගොඩක් වැඩියි. Mobitel නම් චුට්ටක් slow..    :(

එහෙම නැත්නම් මේ link එකට ගිහින් ඔයාගේ phone number එක දෙන්න.



දැන් මෙහෙම එකක් අවම ඔයාගේ phone එකෙන් GO කියලා type කරලා 40404 ට යවන්න.


මේ 40404 number එක රටින් රටට වෙනස් වෙනවා. ඔයා ලංකාවේ නෙමෙයිනම් මේකට ගිහින් ඒක හොයාගන්න.

https://support.twitter.com/articles/20170024






Save changes කරලා ඊලග එකට යන්න.

දැන් ඔයාගේ phone එකෙන් START කියලා message එකක් 40404 ට යවන්න. 

ඊළගට YES කියලා reply කරන්න කියලා message එකක් එවි.
ඒක අවම YES කියලා message එකක් 40404 ට යවන්න.

දැන් ඔයාගේ Username එක @ ලකුණ නැතුව message එකක් විදියට type කරලා 40404 ට යවන්න. 
Ex: CyberAwakashaya   මගේ example එකේ user name 1.  

ඊළගට තවත් message එකක ඔයාගේ password එක යවන්න 40404 ට. 

වැඩේ හරියට කලානම් මෙහෙම message එකක් ඔයාගේ phone එකට ඒවි. 



මෙතන @CyberAwakashaya වෙනුවට ඔයාගේ User name එක ඇති. දැන් ඔයාගේ යාළුවන්ට කියන්න තියෙන්නේ Follow @Username  කියලා message එකක් 40404 ට යවන්න කියලා විතරයි.

සැලකිය යුතුයි: මෙහි User name වෙනුවට ඔබේ Account username එක ලබාදිය යුතුය. මම ලබා දී ඇති උදාහරණයේ එය Follow @CyberAwakashaya වේ.


කොහොමද දැන් message යවන්නේ?
 මේකට තියෙන්නේ ඔයාට යවන්න ඕන Message එක Normal message එකක් විදියට type කරලා 40404 ට යවන එකයි. මෙහිදී ඔයා මේ message එක යවන්න ඕන අර Twitter register වෙලා දුන්න Number එකෙන් විතරයි.

මේ තියෙන්නේ මං ඒ වගේ යවපු message එකක්.



මේ තියෙන්නේ මාව Follow කරපු කෙනෙකුට ලැබුන message එක. 


සරලයි , පහසුයි. Internet ඕනෙත් නෑ. 

මේ විදියට Cricket score update කරන ඒවත් Cricket alet විදියට නොමිලේම ඔයාට ගන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ ඒ දෙන Twitter page Follow කරන්න විතරයි. 

IPL වල Cricket alet ගත්ත අය ගණන ඔයා දකින්න ඇතිනේ දැම්මා කීයක්ද කියලා..

අමාරු තැනක් තියනවනම් මට කතා කරන්න , message කරන්න එපා.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment