Powered by Blogger.

Phonebook contact වලට Facebook එකේ photos, Details එකතු කරමු. (Add FB Profile pictures of Friends for your phone contact pictures)

Sync.me Social Caller Idඅපේ Phonebook එකේ තියන Contact number list එකට එකකට දෙකකට call එනකොට Photo එකක් වැටෙන්න දාලා තියනවා නේද?

එහෙම නැතුව ඔයාගේ යාලුවන්ගේ Facebook Profile Picture එක Call එකට දාගන්න තිබ්බනම් පට්ට නේද?


ඒකට ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක්.

ඔයාගේ App Store එකෙන් "Sync.Me"

Cover art

මුලින්ම ඔයාට මේ App එක Download කරගන්න වෙනවා.

Android සදහා: https://play.google.com/store/apps/details?id=com.syncme.syncmeapp&hl=en

Apple Phone සදහා: https://itunes.apple.com/us/app/sync.me-caller-id-spam-block/id340787494?mt=8


මේක පොඩි App එකක්. ඒ වගේම 100% Free

Download කරගෙන Phone එකට Install කරගන්න.

මුලින්ම මේකට යනකොට ඔයාගේ Phone number එක අහනවා. ඊට පස්සේ අපේ Phone number එකට code එකක් එවනවා. මේක අපි code එකට Type කරන්න ඕනේ.

සැලකිය යුතුයි: 
මේ හැම Step එකකටම කලින් ඔයා Internet (Data) on කරගෙන ඉන්න ඕනේ.

සමහරවිට Facebook එකට Log වෙන්න කියලත් ඒවි. (මට ඒ step වල Screenshot ගන්න බැරිවුණා)

කොහොමහරි කලින් කියපු එක Step එකක්වත් අමාරු ඒවා නෑ. ලේසියෙන් ගොඩදාන්න පුළුවන්.

වැඩේ කරලා ඉවර වුනාම මේ වගේ window එකක් ඒවි. මෙතනින් ඔයා මැද Tab එකට යන්න ඕනේ. (පහත රූපයේ පරිදි)


දැන් ඔයාගේ Phonebook එක වගේ එකක් ඒවි. මෙතන පහල තියන Synchronize button එක click කරන්න. (පහත රූපයේ පරිදි)



දැන් වැඩේ ගොඩ. Normally මේකට විනාඩි 3,4 ක් යනවා.




මේ Step එකේදී ඔයාගේ Facebook එකේ සහ ඔයාගේ phonebook එකේ යන දෙකෙහිම ඉන්න යාලුවන්ගේ විස්තර ඔයාගේ Phonebook එකට Auto synchronize වෙනවා.




ඔයාගේ Phonebook එකේ තියන නමට ගැලපෙන Facebook එකේ යාලුවෝ දෙන්නෙක් හිටියොත් ඔයාට උඩ තියන රූපයේ විදියට Window එකක් ඒවි. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒ එක එක නම ඉස්සරහින් තියන ? ලකුණ click කරලා ඇතුලට යන එකයි.



එතකොට ඔයාට මෙතනින් ඔයාගේ phonebook එකේ ඉන්න යාළුවා හරියටම කව්ද කියලා ඉස්සරහ තියන ටික් එක දාලා කියන්න පුළුවන්. (ටික් එක දැම්මට පස්සේ උඩ තියන Arrow එක මගින් අයෙත් අපිට back එන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉවර වුනාම Next දුන්නනම් වැඩේ ගොඩ.



මේ තියෙන්නේ ඒ වගේ මගේ phonebook එකේ යාලුවෙකුට ඇවිත් තිබ්බ විස්තරයක්.



මෙතන නම, Email, Address, Birthdate වගේම වැඩකරන තැනත් පෙන්නනවා.

වැඩේ කොහොමද කියල Try එකක් දාලා බලන්න.

සැලකිය යුතුයි:
ටික දවසක් ගියාට පස්සේ ආයෙත් පාරක් Synchronize කරන්න. එතකොට කට්ටිය FB photo, Details update කලාම අපේ Phonebook එකත් ඒ වගේම Update වෙනවා.

මේ වගේ තවත් වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්.



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment