Powered by Blogger.

අපේ location 1 වෙනත් කෙනෙකුට යවන්නේ මෙහෙමයි (How to send your location)

යාලුවෙකුට අපි ඉන්න තැන ගැන කියන්න ලේසිම system එක විදියට "Google maps location share" system එක කියන්න පුළුවන්. 

මේකෙදි ඔයා ඉන්න location එක message එකක් විදියට එයාට යැව්වම එයා ඒක භාවිතයෙන් පහසුවෙන්ම ඔයාගේ location එක හොයාගන්න පුළුවන්. 

ගොඩක් අය මේක අහලා තිබුනට කරන්න දන්නේ නෑ. 

කලින් දවසක Google map ගැන දාල තිබ්බ ලිපිය කියවන්න ඇති කියලා හිතනවා..

Data කැපෙන්නේ නැතුව Google Map යමු (Google Map offline)


එහෙනම් වැඩේ පටන් ගනිමු.. 
පොඩි simple වැඩක් තියෙන්නේ. 

මුලින්ම Google Maps යන්න. 


දැන් පුරුදු විදියටම data සහ GPS on කරන්න. 



දැන් ඔයා ඉන්න location එක auto එනවනේ. මේක වෙන කෙනෙකුට යවන්න නම් වම් පැත්තේ උඩ තියන ඉරි 3 ට ගිහින් "Location sharing" යන්න ඕනේ. 




ඔයා මුලින්ම මේක කරන කෙනෙක්නම් මේ වගේ එකක් ඒවි. මෙතනින් "Get started" දෙන්න.  



දැන් මෙහෙම එකක් ඒවි. 


මෙතන තියනවා Message එකක් විදියට location 1 share කරන option 1. ඔයාට වෙනත් විදියකට මේක කරන්න අවශ්‍යනම් "More" වලට යන්න ඕනේ. මෙතනින් ඔයා කැමති option 1 select කරගන්න. 




 දැන් permission අහවි. "Turn On" දෙන්න.



message එකක මේ විදියට location share කරනකොට මේ වගේ එකක් එනවා. මේකෙන් ඔයාට කැමති කෙනෙකුට යවන්න පුළුවන්.. 


2 ක්‍රමය: 

මේකෙදි ඔයාට ඔයා ඉන්න Place එක නැතුව වෙන location එකක් share කරන්න පුළුවන්. example එකක් විදියට Wedding එකක wedding hall එක තියන place 1 යාලුවට යවන්න පුළුවන්. 

මේකට ඔයාට අවශ්‍ය place එක පුරුදු විදියටම search කරන්න. . 



දැන් මේ වගේ result 1 ඒවි. මෙතන පහල තියන "more info" යන්න. 



එතකොට මේ වගේ ඇවිත් share කරන්න පුළුවන්. 



වැඩේ ගොඩ නේද? 

මේ වගේ තව වැඩකෑලි මෙතනින් බලාගන්න පුළුවන්.





Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment