Powered by Blogger.

Internet නැතිව Kaspersky update කරමු.. (Update Kaspersky offline) Part 1


Kaspersky Virus guard එක දැනට ලෝකයේ ගොඩක් අය use කරන වයිරස් ගාඩ් එකක්.

ගොඩක් අය බර ගානක් දීලා මේක දාගත්තට Internet නැති නිසා වගේම ගොඩක් අයට තියෙන්නේ Limited Data Package නිසා ගොඩක් අය මේක Update කරන්න කැමති නෑ.

එකට කරන්න පුළුවන් හොදම විසදුම තමයි මේ.

මේකෙන් වෙන්නේ Internet තියන computer එකකින් අලුත්ම update එක Download කරලා ඉන්ටනෙට් නැති Computer වලට upload කරන එකයි.

උදාහරණයක් විදියට කිව්වොත් Office එකේදී අලුත්ම update එක download කරලා ගෙදර ගිහින් Internet connection නැති ඔයාගේ, අයියාගේ, අක්කගේ computer වල Virus guard එක update කරන්න පුළුවන්. 

මේක මුලික පියවර 2 ක් යටතේ කියන්න පුළුවන්.

1. අපට ගැලපෙන Update එක download කරගැනීම.
2. අපට අවශ්‍ය Computers වලට update එක upload කිරීම.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

1. මේකට මුලින්ම ඔයා මේ software එක download කරගන්න ඕනේ. (7MB)


Download කරගෙන ඔයා Internet තියන Computer එකට (අනිත් computer වලට මෙය අවශ්‍ය නොවේ) මේ Download කරපු File එක copy කරගන්න.

2. දැන් Download කල Folder එක ඇතුලේ තියන "UpdateUtility-Gui" file එක Open කරන්න.


දැන් දකුණු පැත්තේ උඩ තියන "Applications" button එක click කරන්න. 


මෙතන ඔයාගේ Computer එකේ තියන Kaspersky version එක select කරන්න ඕනේ. 

කොහොමද අපේ ලග තියන Version එක හොයාගන්නේ?

මේකට ඔයාගේ computer එකේ තියන Kaspersky වලට ගිහින් "Support" යටතේ Application version හොයාගන්න පුළුවන්.




මෙතන ඔයාගේ Computer එකේ තියන Kaspersky version එක select කරන්න ඕනේ. 


දැන් Apply කරලා Ok කරන්න.

දැන් පහල තියන "Start" button එක click කලානම් වැඩේ ගොඩ.


සැලකිය යුතුයි:

  • "Start" button එක Click කිරීමට පෙර ඔබ පරිගණකයේ අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.
  • Download එක save වන ස්ථානය අවශ්‍යනම් "Setting" යටතේ වෙනස් කල හැක. 




  • පළමු වරට Update එක Download කිරීමේදී ලොකු වෙලාවක් සහ ලොකු Data ප්‍රමාණයක් වැයවේ. (මටනම් විනාඩි 30 ක් විතර ගියා)
  • හැබැයි දවස් 2, 3 කට පස්සේ අයෙමත් මේ විදියටම Download කරනකොට 5 MB වගේ පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ නිසා පලවෙනි වතාවේ විතරක් කට්ට කාලා වැඩේ කරගන්න.  
සැලකිය යුතුයි 2: (ඉතා වැදගත්)
ඉහත Download කරගන්නා Update එක Save වෙන ස්ථානය වෙනස් කරන්න එපා. වෙනස් නොකර තියනකොට පළමු Update එක උඩටම 2 වෙනි Update එකත් overwrite වෙන නිසා දෙවනවර Update එක Download වීමේදී පොඩි Data ප්‍රමාණයක් විතරක් අවශ්‍ය වේවි.
එහෙම නැති වුනොත් 2 වෙනි වර Download එකටත් ලොකු Data ප්‍රමාණයක් නාස්ති වේවි.


දැන් පහල තියන "Start" button එක click කලානම් වැඩේ ගොඩ. 




download වුනාට පස්සේ Update කියලා අලුතෙන් Folder එකක් Software එක තිබ්බ Folder එකට ඇවිත් තියේවි. 

දැන් ඔයාට තියෙන්නේ Pen එකකට මේ Folder එක Copy කරගන්න එක. 


Copy කරගත්ත update එක Internet නැති computer එකට Upload කරන විදිය ඊලග ලිපියෙන් කියන්නම්..




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment