Powered by Blogger.

කොම්පියුටරෙන් ඇසට සිදුවන හානිය අවම කරගන්න ක්‍රම 10ක්. (Guideline to protect ur eyes form computer)


විවිධ රැකියා අවශ්‍යතාව මත මෙන්ම ගොඩක් අයගේ hobby එකක් විදියටත් computer එක භාවිතය බහුලව සිදුවෙනවා.

ඒ නිසාම දවසින් දවස කන්නාඩි (Specs) භාවිතා කරන ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ ලිපියෙන් ඇසට හානියක් නොවන විදියට Computer 1 (Laptop 1) use කරන system එක ගැන විස්තරක් බලාගන්න පුළුවන්.

කිසිම විවේකයක් නැතිවම පරිගණකය භාවිතා කලවිට පරිගණක දැක්ම වීමේ සහලක්ෂණයට (CVS-Computer Vision Syndrome) පත්වෙන්න පුළුවන්. එවිට ඇතිවන රෝග ලක්ෂණ ලෙස

eyestrain - ඇස් රිදීම
headaches - හිසරදය
blurred vision - බොඳවූ ඇස්
dry eyes - වියලි ඇස්
neck and shoulder pain - බෙල්ල සහ උරහිස රිදීම

වැනි තත්ව ඇතිවෙන්න පුළුවන්. මෙවැනි දේ ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස,

poor lighting - අඩ අඳුරේ වැඩකිරීම
glare on a digital screen - වැඩි දීප්තියකින් වැඩකිරීම
improper viewing distances - නුසුදුසු දුරක සිට වැඩකිරීම
poor seating posture - අවිධිමත් ලෙස වාඩිවී වැඩකිරීම
uncorrected vision problems - බැලීමේ දුර්වලතා (පොඩි අකුරු කියවීම වැනි)

හෝ මේ හේතුවලින් කිහිපයක් වුනත් වෙන්න පුළුවන්.


මේකට කරන්න පුළුවන් මොනවද?

1. නිවැරදි ඉරියව්වෙන් හා නියමිත දුර ප්‍රමාණයකින් පරිගණකය තබාගත යුතුයි..


ඉහත රූපයේ ආකාරයට පරිගණකය හා ඇස අතර අගල් 16 ත් 28 ත් අතර විය යුතුයි. 

ඊට අමතරව පරිගණක තිරය ඇස මට්ටමට වඩා මදක් පහලින් තැබිය යුතුයි. (මෙමගින් ඇසිපිය හෙළනා වාර ගණන වැඩි වන අතර එමගින් "වියළි ඇස්" තත්වය වලක්වා ගතහැක. 

ඔබ කිසියම් දෙයක් කියවමින් ටයිප් කිරීමක නිරත වන්නේනම් එයද ඉහත රූපයේ පරිදි තබාගත යුතුය. 

ඉහත රූපයේ ආකාරයට ඔබ වාඩිවී සිටීමෙන් කොන්දේ සහ උරහිසේ අබාධ වලක්වා ගතහැක.  


2. විනාඩි 20 කට වරක් හෝ ඇසට විවේකයක් ලබාදෙන්න. 

මේකට කියන්නේ "20-20-20 නීතිය" කියලා. (සෑම විනාඩි 20 කට වරක් ඉදගෙන සිටිනා ස්ථානයෙන් ඉවතට ගොස් මීටර් 20 ක් දුර ඇති වස්තුවක් දෙස අවම තරමේ තත්පර 20 ක් බලාසිටිය යුතුයි)


මේක ඔයාට තියන වැඩත් එක්ක අමතක වෙනවනම් ඔයාට විනාඩි 20 න් 20 ට මේක මතක් කරන්න පොඩි ගැජට් එකක් භාවිතා කරන්න පුළුවන්. "EyeLeo" කියන්නේ මේ වගේ පොඩි software එකක්. 


ඔයාට අවශ්‍යනම් මේ software 1 පහළ link එකෙන් නොමිලේම download කරගන්න පුළුවන්. (2 MB)



3. පරිගණකයෙහි දීප්තිය (Brightness) අඩුකරන්න. 

වැඩි දීප්තියක් ඇතිවිට ඔබගේ ඇස් වලට හානි වෙන්න පුළුවන්.


4. අඩ අදුරේ වැඩකරන්න,  Film බලන්න එපා. 

ගොඩක් අය රෑට Film එකක් බලන වෙලාවට light off කරගෙන බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ගොඩක් ඇස්වලට බලපෑමක් වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා අඩුම තරමේ එක bulb එකක් හරි දාගෙන වැඩකරන්න.



5. Page color 1 වෙනස් කිරීම

ඔබ නිතරම Word, excel වැනි software වල වැඩකරනා කෙනෙක්නම් එහි Page color එක නිල් පැහැයක් වැනි වර්ණයකට වෙනස් කිරීම මගින් දීර්ග කාලයක් වැඩකිරීමෙන් ඇසට ඇතිවන හානිය වලක්වා ගන්න පුළුවන්. (Page color 1 වෙනස් කිරීමට Design - Page color වලට යන්න. )

6. විශේෂ කන්නාඩි වර්ග භාවිතා කරන්න 

Doctor කෙනෙක්ගේ උපකාරයෙන් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. දැනට ගොඩක් අය මේ වැඩේ use කරනවා.


eyeglasses ගැන වැඩිපුර විස්තරයක් ඔයාට පහල link එකෙන් ගන්න පුළුවන්.

http://www.allaboutvision.com/eyeglasses/overview.htm

7. විටමින් C බහුල අහාර , පලතුරු වර්ග ගන්න.


අමාරුවෙන් හරි මේ දේවල් කරලා පරිස්සම් කරගත්තොත් ගොඩ තමයි.

මේ ලිපියේ pdf එකක් ඔයාට මෙතනින් download කරන්න පුළුවන්.

https://www.dropbox.com/s/brwmg64hucf2qgs/Protect%20eye.rar?dl=0

තවත් ලිපියකින් හමුවෙමු...

මේ වගේ තවත් ලිපි මෙතනින් බලන්න..



.

Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment