Powered by Blogger.

"යකෝ!!,ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.."

අද නම් මගේ ජීවිතයේ අමරණීය දිනයකි.මේක නම් අදහා ගන්නටත් බැරිය.අපේ ලොකු අයියාට බ්ලොගර් එකෙන් ලොග් අවුට් වීමට අමතක වී ඇත.ඒ අපතයා දැන් මොරටුවට වී පච කෙල කෙල සිටිනු ඇතැයි මම සිතමි.මූ නැති නිසා අපි ගෙදර සතුටින් වෙසෙමු.මට කරනා අපහාස සියල්ලකටම පලි ගැනීමේ වේලාව පැමින තිබේ....කෙසේ පටන් ගනිමුදෝයි සිතා ගත නොහැක.

මෙදා අවුරුද්ද දවසේ පොර මාර සතුටින් මා කරා පැමිනියාහුය...

"මේ ඕයි චූටි මල්ලි.."

ශුවර් එකටම මේ පැමිනෙන්නේ මාව කඩේ යවන්නට බව මම අනුමාන කලෙමි..

"ඇයි ලොකු අයියේ.."

බයාදු ලෙස මම ඔහුගෙන් අසන්නේ කඩේ යාමට ලැබෙන රුපියල් 20 ගැන සිතමිනි..

"අද මගේ ජීවිතේ අමරණීය දවසක් ඕයි.."

 එසේ කියා ඔහු නිවසේ සිවිලිම දෙස බලා සිනා සෙයි..

"මම මේ වගේ කෙනෙක් කියලා....දෙවියනේ මම පොඩ්ඩක් වත් දැන ගෙන ඉදියේ නෑ.."

ලොකු අයියා හැගීම් බරව කියාගෙන යයි

"උඹට පිපිඤ්ඤද බං ලොකු අයියේ,නැති නම් සමාජ රෝගයක් වත් හැදුනද?"

 ඔහුගේ හැගීම් තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි.

"නෑ ඕයි....අද මට මාර සතුටක් තියෙන්නේ..අද මට බොන්න ඕන.දිව රතු වෙනකල් බොන්න ඕන..නෙක්ටෝ බෝතලයක් ගේනවකෝ..ආ.....පුලුවන් නම් බයිට් පැකට් එකකුත් සාක්කුවෙ දාගෙන එනවා..හරිය..."

"නොදකින් ගල් ඉබ්බා..මාව කඩේ යවන්න ආවා මෙතන..තොගේ සතුටට හේතුව කියපිය කුප්පයෝ මාව යකා අවුස්සන්නේ නැතිව..තෝ සුරාන්තයට පත් උනාවත් ද හිටගෙන ඉන්දැද්දිම..

මුගේ අප්‍රභ්‍රංශ තේරුම් ගත නොහැකිව මා ඇසුවෙමි..

"යකෝ..තෝ දන්නවද අපේ ජනාධිපතිතුමාව"

"ඉතින්"

"ඉතින් නෙමේ යකෝ..ජනාධිපතිතුමා මගේ බ්ලොග් එක කියවනවා.!!!!."

මූට සිරාවටම සමාජරෝගයක් සෑදී තිබේ යැයි මම මොහොතකට සිතුවෙමි.නමුත් මාගේ භය තුනී කරමින් ඔහු කතා කලේය..

"මේ බලපන් යකෝ මගේ ෆෝන් එක.."

එසේ කියමින් ඔහු ජංගම දුරකතනය මා වෙත දික් කරයි..

 මෙන්න තියෙනවා අද උදේ ජනාධිපතිතුමා මට සුබපතලා එව්ව මැසේජ් එක..බලපන් ඇස් ඇරලා.....මම වගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න එකෙක්ගේ නම්බරේ කොහොමද එතුමා දන්නේ..අන්න බලපන්...සයිබර් අවකාශය බ්ලොග් එක කියවලා..ඈ....ඊට පස්සේ රහස් පොලීසියෙන් දාලා මගේ නම්බරෙත් හොයාගෙන මට අවුරුද්දට විශ් කරලා මැසේජ් එවන්නේ අනිවාර්යයෙන් මගේ බ්ලොග් එකට කැමති නිසානේ ඕයි.,."

"නොදකින් හිපාටුවෝ..ඔය මැසේජ් එක පොඩි අයියටත් ඇවිල්ලා තිබ්බා ඕයි...."

"හෑ.....ඌත් බ්ලොග් එකක් ලියනවද එතකොට"

එතනින් එහාට මා කතා කිරීමට නොගියෙමි.
.
.
.
.
.
.
.
.
.
.
.
--------උපුටා ගැනීමකි (http://www.rathgamaya.com/)--------




.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments:

  1. ඔයාට පුලුවන්ද? මට හොයලා දෙන්න
    සංගීත ප්‍රසංග වල විදිය‍ට CD Write කරන විදිය සහ
    (AVI to VOB) Converter එකක් (*Format Factory හැර*)
    ඔයාගේ ඉලග post එකට දාන්න...
    ඔයාට ජය ග්‍රි !!!
    මම ග්‍රිමාල් , අමිබලන්තොට

    ReplyDelete
    Replies
    1. Post එකක් දානකොට ටිකක් විස්තර කරලා දාන්න අවශ්‍ය නිසා ටිකක් කාලය ඕනේ. මේ දවස්වල මට Exam.
      මට Call එකක් දෙන්න. මං කියන්නම්.
      Contact me වල No එක තියනවා..

      Delete
    2. මේක බලන්න..

      http://www.digital-digest.com/articles/Nero_Vision_4_DVD_Authoring_Guide_page4.html

      Delete
    3. http://www.ehow.com/how_5614715_create-menus-nero.html

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔයා මට කරේ ලොකු උදව්වක්,
      Thanks කරපු උදවිවට.
      http://srimalvideoteam.blogspot.com/
      ඔයාට ජය ග්‍රි !!!

      Delete
    6. මේක මගේ Hobby 1.
      ඔයාලගේ සතුට දැකලා තමයි මමත් සතුටු වෙන්නේ...
      ජය වේවා..

      Delete