Powered by Blogger.

Phone battery ඉතිරි කරගමු. 1 කොටස (How to save your Phone battery)



දැන් කාලේ තියන ගොඩක් Phones වල තියන ලොකුම අඩුපාඩුව තමයි ඉක්මනටම battery බහින එක. මේ වැඩේ කලට පස්සේ ඔයාට මෙන්න මේ වාසි ලැබෙනවා.

1. Phone එකේ battery වෙනදට වඩා ඉතිරි වීම.
2. කලක් යනවිට Phone 1 slow වීම නවත්වාගැනීමට හැකිවීම.
3. වැඩක් කරනවිට stuck වී App close වීම වැලකීම.
4. Phone 1 on වීමට යන කාලය අඩු වීම.



කොහොමද මේක කරන්නේ??

මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මෙතැනදී වෙන්නේ ඔයා phone 1 on කරනවිට open වන අනවශ්‍ය App background හි run වීම වැලැක්වීම තමයි. (කෙටියෙන්ම කිව්වොත් Startup App limit කිරීම මේකෙදි වෙනවා)

එතකොට ඔයාට අනවශ්‍ය App run වීම වැලකී ඒවාට අනවශ්‍ය ලෙස බැටරි සහ RAM භාවිතා වීම අඩුවීම මගින් උඩ තියන වාසි 4 ඔයාට ගන්න පුළුවන්.

මේකට ඔයාට "Startup Manager" App 1 download කරගන්න වෙනවා.


මේකට "Play Store" හෝ "Google Play" වෙත ගොස් "Startup Manager" ලෙස search කර මේ App එක හොයාගන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=imoblife.startupmanager&hl=en

download කරගෙන install කරගෙන open කරන්න.

දැන් මෙහි "User" යටතේ ගියවිට ඔබගේ phone එකෙහි ඇති Startup හි open වෙන App වල list එකක් ගන්න පුළුවන්.


ඉහත රුපයේ පරිදි නිල්පාට රවුමකින් දැනට සක්‍රීය තත්වයේ පසුවනා App දකින්නට පුළුවන්. ඔබට මෙයින් phone 1 on වනවිට start වීමට අනවශ්‍ය App මේ නිල්පාට රවුම මත click කිරීම මගින් කරන්න පුළුවන්. එය අක්‍රීය වූ බව නිල් පැහැති රවුම අළු පැහැ වීම තුලින් බලාගන්න පුළුවන්.

සැලකිය යුතුයි:
මෙහිදී ඔබ අනවශ්‍ය App disable කලද ඔබට සාමාන්‍ය Menu එක භාවිතයෙන් App එක අවශ්‍ය විට open කරගන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ phone 1 start වනවිට App එක open වීම නැවත්වීම පමණයි.

මේ විදියට ඔයාට Startup වලට අනවශ්‍ය App ඔයාට එකින් එක ඉවත් කරන්න පුළුවන්.

සැලකිය යුතුයි:
මෙහි "User" යටතේ පමණක් ඇති Apps, startup එකෙන් ඉවත් කිරීම නිර්දේශ කරන්න පුළුවන්. "System" යටතේ තියන App disable කිරීම නිර්දේශ කරන්න බැහැ.


දැන් Phone එක restart කරලා use කරලා බලන්න වැඩේ ගොඩද කියලා. ..


මේ වගේ Phone වැඩකෑලි මෙතනින් තවත් බලන්න පුළුවන්..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment