Powered by Blogger.

පරණ App එක තියෙද්දීම අලුත් App එකත් phone එකට දාමු (install two versions of same app)

ගොඩක් වෙලාවට පරණ App වල තියන වැඩකෑලි අලුත් App version එකේ නැතිවෙන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට වෙන්නේ මුල් කාලේ Free දෙන App වල වැඩකෑලි ටික දවසක් යනකොට සල්ලි දීලා ගන්න වුනාමයි.

ගොඩක් Games වලත් පරණ App එකේ තියන දේවල් අලුත් app එකේ නැතිවෙන්න පුළුවන්.

තවත් උදාහරණයක් විදියට ලංකාවේ ගොඩක් අය use කරන "Miyasi Lyrics-Sinhala" App එක offline use කරපු අය, අලුත් update එකත් එක්ක හැමදෙයක්ම online විතරක් කරන්න පුළුවන් විදියට වෙනස් වෙන්න වුනා. සිග්නල් නැති තැනක මේ වැඩේ කරන්න අමාරු නිසා ඒක අවාසියක්.

ඒ නිසා ඒ වගේ වෙලාවක ඔයාට පරණ App එක හා අලුත් App එක යන දෙකම phone එකට දාලා තියාගත්තොත් කිසිම අවුලක් නැතුව වැඩ කරන්න පුළුවන්.

කොහොමද මේක කරන්නේ?
මේක පොඩි App එකක් මගින් කරන්න පුළුවන්.

App එකේ නම "Lucky patcher"

6 MB විතර වෙන මේ App එක ඔයාට App store එකේ "Lucky patcher" ලෙස search කිරීමෙන් ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් පහත link එකෙන් download කරගන්නත් පුළුවන්.

https://goo.gl/jJUq53

install කරගෙන ඒක ඇතුලට ගිහින් ඔයාට Patch කරන්න අවශ්‍ය App එකට යන්න. (මේ සදහා ඔයා අවශ්‍ය App එකේ පරණ version එක Phone එකට install කරගෙන ඉන්න ඕනේ)


App එක ඇතුලට ගියාම Tools වලට යන්න ඕනේ. (සමහර වෙලාවට "Nothing to patch here" කියල වැටේවි. ඒක ගණන් ගන්නෙපා)


දැන් "Clone application" select කරන්න. 


ටිකක් වෙලා යනකොට මේ වගේ message එකක් ඒවි. මෙතනින් "Clone" දෙන්න. 





ටිකක් වෙලා ඉන්නකොට මේ වගේ එකක් වැටේවි. මේකෙන් ඔයාට App එක install කරන්න තියෙන්නේ. 


දැන් ඔයා කලින් install කරපු app එක clone එකක් විදියට phone එකට install වෙනවා. එතකොට මේ App එක play store එකේ තියන app එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙනවා. 

මේ නිසා ඔයාට දැන් App store එකට ගිහින් ඔයාට අවශ්‍ය App එකේ අලුත් version එක download කරගන්න පුළුවන්. අලුත් app එක දැම්මත් clone කරපු app එකට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ. 





එහෙම clone කරපු app එකත් එක්ක Play store එකෙන් ගත්ත App එක install කලාම මේ විදියට App දෙකම මේ විදියට දකින්න පුළුවන්. කොච්චර update කලත් කවදාවත් අපි clone කරපු app 1 update වෙන්නේ නෑ. 


මේ වගේ තවත් Android වැඩ කෑලි මෙතනින් බලන්න පුළුවන්...



.

Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment