Powered by Blogger.

Facebook අනවශ්‍ය Photo Timeline එකට Tag කිරීම වලක්වමු. (Set a get approval before add to your FB Timeline)


Facebook use කරද්දී ගොඩක් වෙලාවට එපා වෙන දෙයක් තමයි අපි දන්නෙම නැතුව අපේ Facebook Timeline එකට අනවශ්‍ය / නොගැළපෙන විදියේ Photos / Videos වගේ දේවල් Share කරලා තියන එක.

අපි හැම වෙලාවේම FB ඉන්නේ නැති නිසා ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් වුනාම අපි දන්නෙත් නැතුව මේ වගේ දේවල් අපේ Timeline එකේ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේවා දකින්නෙත් දවස් දෙක තුනක් ගියාට පස්සේ.



මොකක්ද මේකේ වෙන්නේ?

මේකෙදි වෙන්නේ කව්රුහරි අපේ Timeline එකට මොනවහරි Tag කලොත් ඒක කෙලින්ම අපේ Timeline එකේ post වෙන්නේ නැතුව notification එකක් මගින් අපව දැනුවත් කිරීමයි.

ඉන්පසු අපිට එය අවශ්‍යනම් පමණක් Approve කරගත හැකි අතර අනවශ්‍යනම් ඉවත් කිරීම වුවද කල හැක.

එහෙනම් වැඩේ පටන් ගනිමු:

1. මුලින්ම වෙනදා යන විදියටම ( Phone එකෙන් හෝ Computer එකෙන්) Facebook යන්න.

2. දැන් "Settings" යන්න.


3. වම් පැත්තේ තියන "Timeline and Tagging" වලට යන්න. 


4. දැන් ඒක යටතේ තියන "Review" වල තියන "Edit" වලට වෙන වෙනම යන්න. 


5. දැන් පහත රූපයේ පරිදි ඒ option 2 ම වෙන වෙනම "Enable" කරන්න.



දැන් වැඩේ හරි.  Phone එකෙන් මේක කරනවානම් මේක චුට්ටක් විතර වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට "Settings & Privacy" වල මේක දකින්න පුළුවන්. ( මගේ phone එකෙන් ගත්ත screenshots ටිකක් පහල දකින්න පුළුවන්)







දැන් කොහොමද වැඩේ වෙන්නේ?

කව්රුහරි අපේ Timeline එකට මොනවහරි Tag කලොත් අපිට ඒක Notification එකක් මගින් දැනුවත් කරනවා. පස්සේ අපිට ඒ notification එක ඇතුලට ගිහින් "Add to Timeline" දෙන්න පුළුවන්. 






අපි අනවශ්‍ය එකක් "Hide" දුන්නොත් අපිට ඒක මේ විදියට දකින්න පුළුවන්. 



වැඩේ ගොඩ නේද?

Facebook ගැන කලින් දාලා තිබ්බ Post බලපු නැති අය මෙතනින් බලන්න..


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment