Powered by Blogger.

I-Phone Tips & Tricks (2 කොටස)

කලින් ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියලා ගොඩක් අය call කරලත් කිව්වා. ඒක බලපු නැති අය එකත් බලන්න.

I-Phone Tips & Tricks 


අද ඉතිරි කොටස

7. Screen Auto කරකෙවෙන එක ඉක්මනින් නැවත්වීම.

ඔයා රෑට නිදාගන්නකොට ඇදේ ඉන්නවනම් ඒ වෙලාවට screen එක කරකැවෙන එක එපා වෙනවා.
මේකට ඔයාට වෙනදා යන Task manager එකට යන්න අවශ්‍යයි. මේකට ඔයාගේ Phone එකේ Home button එක Double click කරන්න.

දැන් ඒකෙ වම් පැත්තට ගිහින් බලන්නකෝ.
එතන තියන lock button එකෙන් පහසුවෙන්ම ඒක නවත්තන්න පුළුවන්. (අයෙත් on කරගන්නත් මේ විදියටම පුළුවන්)

8. Message Preview එක නැවත්වීම.
Settings > Notifications > Messages > Show Preview>OFF

9. Don’t Disturb වලින් ප්‍රයෝජන ගැනීම.
රෑට නිදාගත්තම call, message එනකොට එපා වෙනවා නේද?
මේකට Settings වලින් Do not Disturb > On කරලා එතනම යට තියන Notification වලින් Do Not Disturb ගිහින් ඔයාට අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්.

10. Email account එක ඉක්මනට Reload කිරීම.
Inbox වල ඉන්න වෙලාවේ Screen එක press කරගෙනම පහලට අදින්න. දැන් ඉක්මනට reload වේ.

11. Search එකේ වේගය වැඩි කිරීම.

Settings > General >Spotlight search යන්න.

දැන් මෙතනින් ඔයාට අවශ්‍ය ඒවා විතරක් තියෙන්න දීලා අනිත් ඒවායේ ටික් එක remove කරන්න.

12. Phone එකේ Screenshot එකක් ඉක්මනට ගන්න

Menu Button එක Press කරගෙන ඉන්න ගමන්ම ඉක්මනට power button එකත් press කරන්න.

13. හොදම Quality photos camera එකෙන් ගන්න.
මේකට camera එකට ගිහින් settings වල HDR on කරන්න වෙනවා. මේකෙදි photo එක සෙට් වෙන්න තත්පර 3 ක් විතර යනවා. ඒ වෙලාව ඇතුලත photos 2ක් වදිනවා. එකක් Normal එක. අනිත් එක ඒ වෙලාවේ වදින හොදම photo එක.

14. Notification , LED bulb එකෙන් indicate කිරීම.
Settings > General > Accessibility > LED Flash for Alerts >On
මේක දැම්මම අපිට calls, messages ඇවිත් තියනවනම් flasher එක Blink වෙනවා දකින්න පුළුවන්.


තවත් කොටසකින් හමුවෙමු..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment