එත් දැන් ඒ Post එකට මාස 8 ක් විතර වෙන නිසා
අලුත් විස්තර එක්ක අලුත් Post එකක් දාන්න හිතුනා.
මේක කියවන්න කලින් ඔයා අනිවාර්යෙන්
පලවෙනි ලිපිය කියවන්න. මේකේ තියෙන්නේ එකට එකතු කරන්න අවශ්‍ය තව පොඩි කොටස්
කිහිපයක් විතරයි.
අලුත් Lap වල දකින අඩුපාඩු..
1.
ඇතැම් Laptop වල Video Port එකක් නෑ. එතකොට ඔයාට
ලැප් එක projector එකකට ගහන්න බෑ.
2.
Display එකේ කහ පාට වැඩිපුර දක්නට තිබීම.
(Specially in HP)
ගොඩක් අය මේ අවුල් ටික දැකලා තියෙන්නේ සල්ලි දීලා
ගෙදර ගෙනවටත් පස්සේ.
3.
USB Port 2ක් පමණක්
තිබීම
මේක ලොකුම අවුලක් නෙමෙයි. හැබැයි use කරනකොට එපා
වෙනවා. ඉදිරියට එන ගොඩක් devices එන්නේ USB port හරහා connect කරන්න නිසා ඒක අපිට
අවාසියි.
4.
Warranty වල තියන දුර්වලතා
ගොඩක්
shop වල warranty 1 දෙන්නේ අවුරුදු 3යි. ඒකෙන් 1ක් Full warranty සහ අනිත් අවුරුදු
2 service. එත් සමහර තැන් තියනවා Full warranty අවුරුදු 2ක් දෙන තැන්. එහෙම ගන්න
පුලුවන්නම් ඒක ගොඩක් හොදයි. (කොහොමත් පලවෙනි අවුරුද්දේ Lap එක කොහොමත් කැඩෙන්නේ නෑ
නේ)
Dealers
ලගේ warranty එකක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
Genaration 3ද? 4 ද?
0 comments:
Post a Comment