Powered by Blogger.

Windows 10 වල සිංහල අකුරු පෙන්නේ නැද්ද? (Activate Unicodes on Web Browsers)


නිකන් දෙනවා කිව්ව නිසා Windows 10 දාගත්තට Facebook යනකොටයි තේරුනේ වැඩේ චාටර් වෙලා කියලා.

යකෝ සිංහල අකුරු එකක්වත් කියවන්න බෑ නේ. හැම එකක්ම කොටු කොටු වැටෙනවා.

එහෙම වුනාම ඉතිං $%$&% තමයි.

මොකද්ද මේකට කරන්න ඕනේ. 

මේකට පොඩි දෙයක් කරන්න ඕනේ. 

මුලින්ම Settings යන්න.

System වලට යන්න



දැන් මුලින්ම "App & Features" වලට ගිහින් "Manage Optional Features" යන්න


දැන් "Add a Feature" වලට ගියාට පස්සේ ලොකු List එකක් දකින්න පුළුවන් වේවි.

 මේකේ පහලට යනකොට ඔයාට "Sinhala (Sri Lanka) Typing " හා "Sinhala Supplemental Fonts" ලෙස දකින්නට ලැබේවි. ඔයාට කරන්න තියෙන්නේ මේ එක එකක් select කරලා වෙන වෙනම Install කරන එක විතරයි.


සැලකිය යුතුයි:
ඔබට මේ ආකාරයටම දමිල , හින්දි වැනි ඕනෑම භාෂාවක් සදහා install කරගත හැක.




දැන් open වී ඇති Web Browser (Google Chrome, Mozilla Firefox) සියල්ල Close කරන්න.

දැන් අයෙත් Open කරලා සිංහල අකුරු තියන website එකකට ගිහින් බලන්න වැඩේ ගොඩද කියලා..

හැබැයි එකක් තියනවා. සිංහල අකුරු පෙන්නේ නැත්නම් ඔබට මේ ලිපිය කියවගන්නත් බැරිවෙයි නේද? මට එක දැන් තමයි මතක් වුනේ..

:D
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment