Powered by Blogger.

ගෙදරදීම Phone එකට Android Marshmallows /Lollipop දාගමු.. (Update old version) - Part 1


පරණ Android phone තියන ගොඩක් අයට එකම විදියට phone එක දකිනකොට එපා වෙනවා. ඒ නිසා ගේමක් නැතුව ඔයාට Lollipop දාගන්න විදිය මේ ලිපියෙන් පැහැදිලි කරනවා.

මේකට මොනවද අවශ්‍ය??

01. මුලින්ම Phone battery 1 හොදට charge කරලා තියාගන්න ඕනේ. (විනාඩි 40 ක් විතර phone 1 එක දිගට run වෙන්න අවශ්‍ය නිසා)

02. Internet

සැලකිය යුතුයි:
මේ හැම පියවරක්ම practically අත්හදා බලා ඇත. (මම මගේ Phone 1 Android update 1 කලේ මෙහෙම තමයි)

මේකට කිසිම මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ.

මේ වැඩේ මුලික step කිහිපයකට කරන්න වෙනවා.

තව ඔයාගේ Computer (or Laptop) එක මගින් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. (බැරි වෙලාවත් Current 1 ගියොත් බඩුම තමයි. මේ නිසා Lap එකක් use කරන්න පුලුවන්නම් හොදයි)

අනිත් එක මේ update 1 නිසා ඔයාට ඔයාගේ phone 1 දැනටමත් තියන files, contact numbers, Messages, call log මොනවත් හානියක් වෙන්නේ නෑ. 

මුලින්ම ඔයාගේ Computer එකට "Samsung kies" සහ "Odin" කියන  software 2 download කරලා  install කරගන්න ඕනේ. (Download link පහත දක්වා ඇත)

Download Samsung kies:
http://www.samsung.com/in/support/usefulsoftware/KIES/


Download Odin
http://forum.xda-developers.com/attachment.php?attachmentid=1168421

තව Lollipop software 1ත් Download කරගන්න වෙනවා. මේකට පහල link එකට යන්න.
http://www.sammobile.com/firmwares/

මෙතන ඔයාට Download කරගන්න කලින් Register වෙන්න ඕනේ. මේකට ඒ page එකේ දකුණු පැත්තේ උඩ තියන "Join" වලින් පුළුවන්.



මෙතැනදී වම් පැත්තේ තියන පොඩි පොඩි කෑලි අරගෙන ඇවිත් මෙතන තියන රුපය complete  කරන්න ඕනේ. )

මෙතන "Refferer" කියන එකට මොනවත් ඕනේ නෑ. 




අන්තිමට ඔයා දීලා තියන  E-mail address එකට confirm  කරන්න mail එකක් ඇවිත් ඇති. එකට ගිහින් confirm  කරන්න. 


දැන් අපිට Lollipop 1 download කරගන්න පුළුවන්. මේකට අයෙත් මේ link එකට යන්න.
http://www.sammobile.com/firmwares/

මෙතන ඔයාගේ Phone model 1 හරියටම ගහන්න ඕනේ. (දන්නේ නැත්නම් phone එකෙන් Settings--> About device ---> Model number වලින් බලාගන්න)

දැන් Download link ගොඩක් ඒවි. මෙතනින් ඔයාට ගැලපෙන එක තෝරාගන්න. (මමනම් තෝරාගත්තේ "Sri Lanka" යටතේ තියන download link එක)


ඊලග පියවරේ "Regular Download" දෙන්න.

මේක සාමාන්‍යයෙන් 1.5 GB විතර වෙන File එකක්. ඒ නිසා මේකට ටික වෙලාවක් යාවි.

දැන් Download කරගත්ත Files Phone 1ට install කරගන්න හැටි ඊලග ලිපියෙන් කියන්නම්..

2 වන ලිපිය මෙතනින් බලන්න..

http://lahirucyberspace.blogspot.com/2016/04/phone-android-lollipop-update-old_24.html



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment