Powered by Blogger.

WI-FI Router එක භාවිතයෙන් Computer අතර File Share කරමු. (Share File between computers via WI-FI Router)


Office එකක වගේ වැඩ කරනකොට නිතරම Pen අරගෙන File share කරන්න ගියාම එපා වෙනවා.

සමහර Office වල Network කරලා නැති නිසා Print එකක් ගන්න ගියත් Pen වලට දාගෙන ගිහින් ලොකු කට්ටක් කන්න වෙනවා.

එහෙම නැතිව Office එකේ තියන Router එක use කරලා අපිට අවශ්‍ය අය අතරේ, අවශ්‍ය වෙලාවට ලේසියෙන්ම File share කරන්න පුළුවන් system එකක් ගැන මේ ලිපියෙන් විස්තර කරනවා.

මේකට අවශ්‍ය සම්පත් මොනවද?

1. Wi-Fi Router එක.
2. Wi-Fi පහසුකම සහිත computer

Wi-Fi Router එකක් නැත්නම්??

ඒත් අවුලක් නෑ. එහෙම වුනොත් ඔයාට එක computer එකකින් තව එකකට වුනත් Share කරන්න පුළුවන්. මේ ගැන කලින් ලිපියක මං විස්තර කරලා තියනවා. ඒ ලිපිය මෙතනින් බලන්න පුළුවන්.

 WI-FI වලින් FILE SHARE කරමු.....

එහෙනම් වැඩේ පටන් ගනිමු. 

මුලින්ම ඔයා "Network and sharing center" වලට යන්න ඕනේ. මේකට Control Panel වල Network and sharing center යන්න.

"Network and sharing center" හොයාගන්න බැරිනම් Control panel වල side එකේ තියන "View by:" වලට "small icons" දෙන්න. 


change advanced sharing settings


මෙතන ප්‍රධාන කොටස් 3 ක් යටතේ settings තියනවා. ඒවා පහල රුපයන්හි දක්නට ලැබෙන ආකාරයට වෙනස් කරන්න. 


1. Private


2 Guest or Public


3 All Networks


දැන් වැඩේ හරි. ඔයා දැන් ඔයාගේ Wi-Fi router network එකට connect වෙන්න. 


සැලකිය යුතුයි: මේ ආකාරයටම File share කිරීමට බලාපොරොත්තු වෙන අනෙකුත් පරිගණක වලද මෙලෙසම settings වෙනස් කලයුතු වේ. 

දැන් My Computer (or This PC) වලට යන්න. 

වම් පැත්තේ යටම තියන Network වලට යන්න. 



එවිට ඔබගේ ජාලයට සම්බන්ධ වී ඇති සියලුම පරිගණක පෙන්නනවා ඇති. මෙතනින් ඔයාට අවශ්‍ය පරිගණකය ඇතුලට ගොස් දත්ත පහසුවෙන් Copy , Paste, Edit කිරීම කලහැක. 


සැලකිය යුතුයි: මේ ආකාරයට Connect වීමේදී පහත සදහන් ලෙස දෝෂ පණිවුඩ ලැබුනිනම් පහත ලෙස ඒවා නිවැරදි කරගන්න. 



ඔබ connect වීමට උත්සාහ දරන පරිගණකය ඔබ දැනට සිටින ජාලයට සම්බන්ධ වී නැත. 

ඔබ connect වීමට උත්සාහ දරන පරිගණකය password sharing - off කර ඇත. ඉහත රූපවල විස්තර කර ඇති පරිදි  change advanced sharing settings යටතේ "3 All Networks" වල අන්තිමට ඇති ටික් එක දැමීමෙන් මෙම වැරැද්ද නිවැරදි කරගත හැක.  


සැලකිය යුතුයි: 

ඔබට අවශ්‍යනම් අන්තිමට විස්තර කල Password Protection - On කිරීම මගින් ඔබේ දත්තවල රහස්‍ය භාවය අවශ්‍ය අය අතරේ පමණක් පවත්වාගත හැක.. 

වැදගත්: 

මෙම දත්ත හුවමාරුව නිසා ඔබගේ Data package එකෙහි ඇති දත්ත වලට කිසිදු අඩුවීමක් සිදු නොවේ.

තවත් ලිපියකින් හමුවෙමු ....


Network and File Sharing ගැන කලින් දාලා තිබ්බ ලිපි දැක්කේ නැති අය මෙතනින් බලන්න..

NETWORK AND FILE SHARING



Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Thanks aiya. Godak wedagath. mn try karannam. thawath me wage post danna.
    Gd Luck!!!

    ReplyDelete