Powered by Blogger.

ක්‍රිකට් Rank හැදෙන හැටි A to Z ( Cricket Ranking calculator) – Part 2


මම කලින් ODI Ranking හොයන system 1 බලන්න ඇති කියලා හිතනවා. ඒක බැලුවේ නැති අය මුලින්ම ඒක බලන්න. නැත්නම් මේක තේරෙන එකක් නෑ.

ක්‍රිකට් Rank හැදෙන හැටි A to Z part-  1 




1.       Test Points සෙවීම

Test ක්‍රිකට් තරගවල ඔයා උඩ photo එකේ දකින්න ඇති Matches කියලා එකක්. එකට ගන්නේ අන්තිම අවුරුදු 3 එම කණ්ඩායම තරගකළ තරග පමණයි. ඒ කියන්නේ Rank එක හදන්න උපකාර වෙන්නේ අන්තිම අවුරුදු 3 දක්වපු දක්ෂතා විතරයි.

මේවගෙන් අන්තිම අවුරුද්දේ points වලින් 100% ම ගන්නවා වගේම අනිත් අවුරුදු 2 points වලින් 50% ක් සලකා බලනවා. ඒ කියන්නේ වැඩි වාසියක් දෙන්නේ අන්තිම අවුරුද්දේ දක්ෂතා වලට.

මේක පියවර කිහිපයකින් විස්තර කරන්න පුළුවන්.ODI වලට වඩා වෙනස් adance system එකක් මේකට use කරන්න වෙනවා. මුලින්ම මේකට තියනවා “Series Result point” කියලා එකක්.

Series Result point එක හැදෙන්නේ කොහොමද?

v  එක් තරගයක් දිනුවම Series Result point 1.
v  එක් තරගයක් draw වුනොත් Series Result point 0.5
v  එක් තරගාවලියක් දිනුවම Series Result point 1
v  එක් තරගාවලියක් Draw වුනොත් Series Result point 0.5

ex: තරග 3 ක තරගාවලියක් 2-1 ක් විදියට දිනුවොත්,
ජයග්‍රහණ 2 සදහා = 2 points
තරගාවලි ජය සදහා = 1 point
එමනිසා Series Result point = 2+1 = 3

·         දැන් ක්‍රීඩා කරන රටවල් 2 Rating අතර වෙනස බලනවා.
1.       වෙනස 40 ට අඩු
2.       වෙනස 40 හෝ වැඩි

ඉන්දියාව 116 , කොදෙව්ව 99 , බංගලාදේශය 18
ඉන්දියාව - කොදෙව්ව   වෙනස 116-99 = 17 
ඉන්දියාව - බංගලාදේශය  වෙනස  116-18 = 98

වෙනස 40 ට අඩු,



Ex:  ඉන්දියා - කොදෙව් තරග 3 ක තරගාවලියක් ඉන්දියාව 2 ට 1 ක් විදියට දිනුවා කියලා හිතමු.
එතකොට ඉහත example 1 අනුව India Series Result point = 1*2 + 1 = 3
West indies Series result point = 1*1 = 1

points එක ගන්න මෙහෙම Function 1 ක් තියනවා.

Points of each team = Team own series result *(rating of opposite team +50) + Opposite team series result * (Rating of opposite team -50)

මේ example එක බලන්න ඔයාට වැඩේ තේරේවි.

ඒ අනුව ඉන්දියාවට එකතු වන points ගණන = ඉන්දියාවේ Series point * ( කොදෙව්වේ rating + 50) + කොදෙව්වේ Series Result point * (කොදෙව්වේ rating – 50)
= 3 * (99+50)  + 1 * (99-50) = 496

එතකොට ඉන්දියාවේ Rating 1 = (3473+496)/33+1  = 120.3  = 120

සැලකිය යුතුයි: 

සෑම විටම තරග ගණනට අමතරව තරගාවලිය සදහා එක තරගයක් ලෙස එකතු කරනවා ඇත.. 
ex: ඉහත උදාහරණයේ 33+1 

පරාද වුන කොදෙව්වේ Rating 1 එන්නේ වෙනස් විදියට,
ඒ අනුව කොදෙව්වට එකතු වන points ගණන = කොදෙව්වේ Series point * ( ඉන්දියාවේ rating + 50) + ඉන්දියාවේ Series point * (ඉන්දියාවේ rating – 50)
= 1 * (116+50) + 3 * (116 -50)  = 364

එතකොට කොදෙව්වේ rating 1 = (2168+364)/25+1  = 101.3   = 101

Team 2 ම Rating 1 වැඩි වෙලා නේද?

රටවල් 2 අතර Ratings වෙනස 40 ට වැඩි (හෝ සමාන) අයට..

ex: බංගලාදේශ - ඉන්දියාව

මේකේ Rating වැඩි කෙනාට points හැදෙන්නේ එක විදියකටම වගේම අඩු එකට වෙන විදියකට.

මුලින්ම Rating වැඩි කෙනාට:
points = Team own series result * (own team rating + 10) + Opposite team series result * (own team rating – 90)
Ex:
ඉන්දියාව 116 , බංගලාදේශය 18
ඉන්දියාව - බංගලාදේශය  වෙනස  116-18 = 98
හිතන්න ඉන්දියා - බංගලාදේශ තරගාවලියක් ඉන්දියාව 3- 1 විදියට දිනුවා කියලා.

එතකොට,
India series result = 1*3 + 1  = 4
Bangladesh series result = 1*1 + 0 = 1
ඉන්දියාවේ points ගණන = India series result * ( India team rating + 10) + Bangladesh series result * (India team rating  - 90)

 Indian point = 4 * (116+10) + 1 * (116-90)   = 530

එමනිසා ඉන්දියාවේ rating 1 = (3473 + 530) / (30+4+1)  = 117.7  = 118

දැන් Rating අඩු කෙනාට

points = Team own series result * (own team rating + 90) + Opposite team series result * (own team rating – 10)

උඩ example එකම ගත්තොත්,

Bangladesh points = Bangladesh own series result * (Bangladesh team rating + 90) + India team series result * (Bangladesh team series result – 10)

Bangladesh points = 1 * (18+90) + 4* (18-10)  = 140
එමනිසා තරගාවලිය අවසානයේ Bangladesh rating = (285 + 140) / (16+4+1) = 21.25  = 21

දැන් ඔයාලට match එකට කලින් Rank 1 හොයාගන්න පුළුවන් වේවි කියලා හිතනවා...

ගොඩක් මහන්සි වෙලා මේවා ටයිප් කරලා දැම්මේ. අදහස් Comment 1 ක් විදියට දාන්න...

Player Rank හදන ආකාරය පහත ලිපියෙන්....

ක්‍රිකට් Player Ranking හැදෙන හැටි.. (How 2 calculate Player rankings)
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment