Powered by Blogger.

ක්‍රිකට් Player Ranking හැදෙන හැටි.. (How 2 calculate Player rankings)



මීට කලින් දවසක දාලා තිබ්බ Team Rankings හැදෙන හැටි Posts බලන්න ඇති කියලා හිතනවා.

ක්‍රිකට් Rank හැදෙන හැටි A to Z ( Cricket Ranking calculator)



අද කියන්න යන්නේ Player Ranking හැදෙන system 1.

මුලින්ම මේ Ranking ප්‍රධාන කොටස් 3ක් යටතේ වර්ග කෙරෙනවා.
1.       ODI Player rankings
2.       T20 Player rankings
3.       Test Player rankings

මේවයෙන් T20 හා ODI දෙකම එකම වර්ග කිරීමක් යටතේද, Test වෙනස් වර්ග කිරීමක් යටතේද සිදු වෙනවා.

Ranking 1 හැදෙන්නේ එක එක ක්‍රීඩකයාගේ Rating 1 අනුව. මේක අලුත් ක්‍රීඩකයෙක්ගේ 0 සහ ලබාගතහැකි උපරිම ප්‍රමාණය 1000 දක්වා වෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ගහන්න පටන් ගත්ත දවසේ ඉදලා මේක අඩු වැඩි වෙනවා.


මුලින්ම Test Player ranking වලට බලපාන කරුණු.

Batting Ranking

·         ලබාගත් ලකුණු ප්‍රමාණය.

·         ඔහුට පන්දු යැවූ පන්දු යවන්නන්ගේ Rating එක.
o   Ex: ශ්‍රේණිගතකිරීම් වල ඉහලම සිටින Dale Steyn  ට එරෙහිව ඔහු ලකුණු 30 ක් අවසන් තරගයේ ලබගත්තේනම් එය, ශ්‍රේණිගතකිරීම් වල පහල සිටින Ashwin ට එරෙහිව ලකුණු 30 ක් ලබාගැනීමට වඩා වටිනාකම වැඩියි.
o   මේ ආකාරයට අන්තිම තරගයේ එයාට පන්දු යැවූ පන්දු යවන්නන් සියල්ලම සැලකිල්ලට ගනියි.

·         සම්පුර්ණ කණ්ඩායමේ ලකුණු සහ ඔහුගේ ලකුණු අතර මට්ටම.
o   පළමු ඉණිමේ කණ්ඩායම ලකුණු 300 ක් ලබාගනිද්දී ඔහු ලකුණු 100 ක් ලබාගැනීමට වඩා, දෙවෙනි ඉණිමේ කණ්ඩායම ලකුණු 200 ක් ලබාගනිද්දී ඔහු ලකුණු 100 ක් ලබාගැනීම වැදගත් වේ.

·         ඉණිම අවසානයේ ඔහු Out හෝ NotOut යන්න.

·         තරගය ජයග්‍රහණය කිරීම හෝ නැතිවීම.
o   ජයග්‍රාහී කණ්ඩායමේ සිට ලකුණු 100 ක් ලබාගැනීම, පරාජිත කණ්ඩායමේ සිට ලකුණු 100 ක් ලබාගැනීමට වඩා වැදගත් වේ.
o   ප්‍රතිවාදී කණ්ඩායම (Opposite team)
§  බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ජයග්‍රගණය කිරීමට වඩා ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම වටියි.



Balling Ranking
·         ලබාගත් කඩුලු ප්‍රමාණය හා ඔහුට එරෙහිව ලබාගත් ලකුණු ප්‍රමාණය.

·         දැවීගිය ක්‍රීඩකයන්ගේ Rating එක.
o   Virat Kohli දවාගැනීම Ishant Sharma දවාගැනීමට වඩා ලකුණු වැඩි වීමකි.

·         ප්‍රතිවාදී කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණය හා පන්දු යවන්නාට ලබාගත් ලකුණු අතර අනුපාතය.
o   ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 100 ක් ලබාගැනීමේදී 50/3 ක පන්දු යැවීමකට වඩා, ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 300 ක් ලබාගැනීමේදී 50/3 ක පන්දු යැවීමකට ලැබෙන්නේ අඩු ප්‍රසාද ලකුණු ප්‍රමාණයකි.

·         යැවූ පන්දු වාර ප්‍රමාණය.
o   කඩුලු ගත්තේ නැති වුනත් ලොකු Over ප්‍රමාණයක් දාලා තියනවනම් වාසියක් තියනවා.

·         ප්‍රතිවාදී කණ්ඩායම (Opposite team)
§  බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ජයග්‍රගණය කිරීමට වඩා ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම වටියි.

·         ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු වැඩි ප්‍රමාණයක් ලබාගත් ඉනිමකදී පන්දු නොයවා සිටීම Rating 1 අඩු වීමට බලපායි.

Note:
v  කුමන හේතුවක් නිසාවත් තරගයකට ඉදිරිපත් නොවීමෙන් ඔහුගේ Rating 1න් 1% ක් අඩු වීම සිදුවේ.
v  Batman කෙනෙකු ඉණිම 10ක් තරග කරනතුරු ඔහුගේ Points වලට ලැබෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් 70% ක් පමණි. (Maximun rating 700). ඉන් අනතුරුව 100% ම සාමාන්‍ය පරිදි එකතු වේ.
v  Baller කෙනෙකුට මෙම කඩයිම කඩුලු 30 ක් වේ.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment