Powered by Blogger.

පරිගණකයේ වේගය වැඩි කරගමු. (Computer speedup from Gestures)


අපි Window කිහිපයක් සමග වැඩ කිරිමේදී Computer එකේ වේගය වැඩිකර ඉක්මනින් වැඩ කරගැනීමට භාවිතා කරන Tricks කිහිපයක් මේ ලිපියෙන් කියනවා. (Only for Windows 7 & 8)

Trick No.1

මේ Trick එක මගින් ඔයාට Window දෙකක් සමග වැඩ කිරිමෙදී window දෙකේම size එක ඉක්මනට ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවන්.

මේකේ ලැබෙන වාසිය තමයි Normally අපි window එකේ size එක corners වලින් ඇදලා වෙනස් කරනවට වඩා ඉක්මනට window එක හදන්න පුළුවන්.


එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම Window එකේ උඩම තියන Bar එක click කරලා screen එකේ දකුණු පැත්තට (හෝ වම් පැත්තට) ඇදගෙන (drag) යන්න.

එතකොට පොඩි වෙනසක් වෙනවා පේනකොට එතනින් click එක අතඅරින්න.

එතකොට Window එක ඉක්මනටම ලස්සනටම set වේවි.


(මේක කරන system 1 මේ Video එකෙන් විස්තරකරලා තියනවා)


Trick No.2

මේ Trick එක මගින් ඔයාට Window කිහිපයක් සමග වැඩ කිරිමෙදී අනෙක් Window ඉක්මනින්ම Minimize කර අපට අවශ්‍ය Window එක පමණක් ඉතිරි කරගැනීම මේ Trick එකෙන් විස්තර කරනවා.

හිතන්න ඔයා එක වෙලාවේ Window 3ක් open කරලා තියනවා එතනින් MS Word file එක විතරක් ඉතුරු වෙද්දී ඉතුරු Windows minimize කරන්න අවශ්‍ය වුනා කියලා හිතන්න.

එහෙම වෙලාවට අපිට අවශ්‍ය Window එකේ (ex. MS Word) උඩම තියන Bar එක Click කරලා දෙපැත්තට සොලවන්න. (Shake)
එවිට අපට අනවශ්‍ය Window minimize වී අවශ්‍ය window එක පමණක් දක්නට ලැබේ.




සැලකිය යුතුයි:
පරිගණකයේ වේගය රදාපවතින්නේ Processor එක හා RAM එක මතම නොවන බව මේ ලිපිවලින් ඔයා තේරුම්ගන්න ඇති කියලා හිතනවා.

මේ වගේ ලිපි ගැන කලින් post කරපු ලිපි ඔයාලට මෙතනින් බලන්න පුළුවන්.

Computer Speedup
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment