Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly) අවසාන කොටස



Video වලින් විස්තර කරපු කලින් ලිපි කියවන්න ඇති කියලා හිතනවා.

Previous Parts

අද කියන්නේ Cube එක හදාගන්න අවශ්‍ය වෙන අන්තිම step එක. මේකෙන් වෙන්නේ corners වල නිවැරදි තැනට place කළ blocks අවශ්‍ය විදියට කහ පාට උඩට එන විදියට හරවලා Block එක complete කරන්නේ කොහොමද කියලා.

මේකෙදිත් Block එකේ උඩ layer එක කරකවලා නිවැරදිව තියන Block එක දකුණු පැත්තේ උඩ තියන විදියට හදාගන්නවා.


දැන් අපිට මේ Function එක use කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ දකුණු පැත්තේ යට තියන Block එක විතරක් වෙනස් වෙන එක.


දැන් මේ Function එක use කරන්න.

R' D' R D

සැලකිය යුතුයි:

1. මෙම Function එක එක්වරක් පමණක් භාවිත කලවිට සම්පුර්ණ කැටයම වෙනස්වන අතර ඉහත රූපයේ පරිදි දකුණුපස කෙලවරට නිවැරදි Block එකක් පැමිණෙනතුරු දිගටම මේ Function 1 use කළ යුතුය.

2. මෙම Function 1 නවත්වන්නේ දකුණුපස කෙලවරට නිවැරදි Block එක එනතුරු වන අතර එවිට මැද සහ යටම Layer එකේ Blocks වෙනස් වේ. නමුත් ඉන්පසුව ඉතිරි Block හදාගෙන යාමේදී වෙනස් වූ Blocks නැවත නිවැරදි තත්වයට පත්වේ.

3. එක් කෙළවරක Block එක නිවැරදිව සාදා නිමකළ පසු එක් අවස්ථාවක් Up dash අවස්ථාව ( U' ) යොදා අපට උඩ පේලියේ සැදීමට අවශ්‍ය Block එක දකුණු කෙලවරට දමා නැවතත් R' D' R D Function එක use කළ යුතුය.

මේ ගැන විස්තර සහිතව මේ Video එකෙන් බලන්න පුළුවන්




අන්තිමට මේ Video එකත් බලන්න

මේ ගැන දාලා තිබ්බ ලිපි මෙතනින් අවසන් වෙනවා. මං හිතනවා දැන් ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් වුනා කියලා. මේ වැඩේ පෙනුනට ගොඩක් simple වැඩක්. ඒ නිසා බෑ කියලා අතාරින්න එපා.

Rubik එක හදද්දී මේ Trick ඔයාට use කරන්නත් පුළුවන්.

1. මුලදී Function බලාගෙන හදන්න. ලොකුවට Function මතක තියාගන්න try කරන්න ඕනේ නෑ. ටික දවසක් ගියාම ඔයාට කරන විදිය ලේසියෙන්ම මතක තියේවි.

2. මුල ඉදලම solve කරද්දී Stopwatch එකක් use කරලා හදන්න. ගොඩක් වෙලාව ගියාට කමක් නෑ. ටිකෙන් ටික ඉබේම එක අඩු වෙනවා.

ගැටළු සහගත තැනක් අවොත් මට Call කරන්න. (Message කරන්න එපා)

Contact me
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment