Powered by Blogger.

ක්‍රිකට් Rank හැදෙන හැටි A to Z ( Cricket Ranking calculator)

අපි ක්‍රිකට් වලට ගොඩක් කැමති රටක්. ඒ වගේම වෙනත් රටවල ඉන්න අපේ අයත් අපේ රටට support කරනවා කියලා මං දන්නවා.

ක්‍රිකට් වලට ආදරේ කරන අය තමන්ගේ රට තියෙන්නේ මොන වගේ තැනකද කියලා දැනගන්න ගොඩක් උනන්දුයි. ඒක බලන්න අපිට පුළුවන් Official website 2ක් තියනවා.
2.   ICC Rankings

මේ website වල Update වෙන්නෙත් ටික දවසක් ගියාම. ඒත් එයාලා update කරනකම් බලාගෙන ඉන්නේ නැතුව අපිටම මේ Rank එක හදන්න පුළුවන්. දැනට ක්‍රිකට් වල ප්‍රධාන වශයෙන් වර්ග 2ක් තියනවා.
1.       Team Rankings
2.       Player Rankings

අද කියන්න යන්නේ Team Ranking හදන system 1. Player Ranking හදන system එක මං තවත් ලිපියකින් කියන්නම්.

Team Ranking ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියනවා.
1.       Test Ranking
2.       ODI Ranking
3.       T20 Ranking

Team Ranking වලදී ප්‍රධාන අවස්ථා 3ක් ගැන කතා කරනවා.
1.       Matches
2.       Points
3.       Ratings

Rank එක හැදෙන්නේ Rating එක අනුව. ඒ කියන්නේ Rating පිළිවෙලට. Rating එක හැදෙන්නේ Matches සහ Points වලින්.



Ex: මේ මං ගත්ත Screenshot 1 පේනවා නේද ඉන්දියාවේ test rating එක 116ක් වෙනවා. ඒක එන්නේ points ගණන matches ගණනෙන් බෙදලා..
Rate = 3473/30
        = 115.77
දශම ගණන් දාන්නේ නැති නිසා 116ක් දාලා. තේරුණා නේද?

මේවයේ points හදන විදියනම් Test, ODI, T20 අනුව වෙනස් වෙනවා.

1.       ODI & T20 Points සෙවීම

ODI (&T20) ක්‍රිකට් තරගවල ඔයා උඩ photo එකේ දකින්න ඇති Matches කියලා එකක්. එකට ගන්නේ අන්තිම අවුරුදු 3 එම කණ්ඩායම තරගකළ තරග පමණයි. ඒ කියන්නේ Rank එක හදන්න උපකාර වෙන්නේ අන්තිම අවුරුදු 3 දක්වපු දක්ෂතා විතරයි.

මේවගෙන් අන්තිම අවුරුද්දේ points වලින් 100% ම ගන්නවා වගේම දෙවෙනි අවුරුද්දේ points වලින් 2/3 ක් වගේම 3 වෙනි අවුරුද්දේ points වලින් 1/3ක් සලකා බලනවා. ඒ කියන්නේ වැඩි වාසියක් දෙන්නේ අන්තිම අවුරුද්දේ දක්ෂතා වලට.

මේක පියවර කිහිපයකින් විස්තර කරන්න පුළුවන්.

·         මේකට ක්‍රීඩා කරන රටවල් 2 Rating අතර වෙනස බලනවා.


මේ example එකට අනුව ශ්‍රී ලංකාව 109 , නවසීලන්තය 86 , සිම්බාබ්වේ 55
ශ්‍රී ලංකාව - නවසීලන්තය   වෙනස 109 - 86 = 23
ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ  වෙනස  109 – 55 = 54

Rating එක හදන්නේ ක්‍රම 2 කට
1.       රටවල් 2 අතර වෙනස 40 ට අඩු (Ex: ශ්‍රී ලංකාව - නවසීලන්තය)
2.       රටවල් 2 අතර වෙනස 40 ට වැඩි (Ex: ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ)

හිතන්නකෝ මෙහෙම. ශ්‍රී ලංකාව - නවසීලන්තය තරගයක් තිබ්බොත් එයාලා අයිති වෙන්නේ වෙනස 40 ට අඩු සෙට් එකට. ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ  තරගයක් තිබ්බොත් එයාලා අයිති වෙන්නේ වෙනස 40 ට වැඩි සෙට් එකට.

වෙනස 40 ට අඩු අයට..
·         ජයග්‍රහණය කර කණ්ඩායමට අනිත් කණ්ඩායමේ Rating එකට 50ක් points එකට එකතු කරනවා.
Ex:  ශ්‍රී ලංකාව - නවසීලන්තය Match 1 ශ්‍රී ලංකාව දිනුවොත් එයාලට points එකතු වෙන්නේ
නවසීලන්තය rate එක + 50  = 86+50 = 136

ශ්‍රී ලංකාවේ 50 වන තරගය අවසානයේ තිබුන points ගණන = 5469
එමනිසා 51 වන තරගය අවසානයේ තිබිය යුතු  points ගණන = 5469 + 136  = 5605
එමනිසා එවිට ශ්‍රී ලංකාවේ rating එක = 5605/51  = 109.9
දශම ගණන් නැති නිසා 110

හැබැයි මේ තරගය නවසීලන්තය දිනුවොත් මේක මෙන්න මේ විදියට වෙනස් වෙනවා.
(2840+109+50)/34 = 88.20      
ඒ කියන්නේ 88 වෙනවා.

ලංකාව තරගය පැරදුනාම,
Ex:  ශ්‍රී ලංකාව - නවසීලන්තය Match 1 ශ්‍රී ලංකාව පැරදුනොත් එයාලට points එකතු වෙන්නේ
නවසීලන්තය rate එක - 50  = 86-50 = 36

ශ්‍රී ලංකාවේ 50 වන තරගය අවසානයේ තිබුන points ගණන = 5469
එමනිසා 51 වන තරගය අවසානයේ තිබිය යුතු  points ගණන = 5469 + 36  = 5505
එමනිසා එවිට ශ්‍රී ලංකාවේ rating එක = 5505/51  = 107.94
දශම ගණන් නැති නිසා 108

යම්කිසි විදියකින් තරගයක ලකුණු සම වීමක් වුනොත් අපේ රටේ Points වලට අනිත් රටේ Rating අගය එකතු වෙනවා.

Ex: ශ්‍රී ලංකාව - නවසීලන්තය තරගයේ ලකුණු සම වුනා කියලා හිතමු..
එතකොට ලංකාවේ Points ගණන = 5469+ නවසීලන්තයේ Rating = 5469+86 = 5555
එතකොට ලංකාවේ Rating එක = 5555/51  = 108.9    = 109
ඒ වගේම නවසීලන්තයේ Rating එක  = (2840+109)/34  = 86.7  = 87

රටවල් 2 අතර Ratings වෙනස 40 ට වැඩි (හෝ සමාන) අයට..

මේකට උඩ තියන photo එක අනුව example එකක් විදියට ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ (වෙනස  109 – 55 = 54) ගන්න පුළුවන්.

හිතන්න ඊලග Match 1 තියෙන්නේ ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ අතර කියලා. මේකෙදි Rating 1 වැඩි කණ්ඩායම (මේ example එකට අනුව ශ්‍රී ලංකාව ) දිනුවොත් එයාලට එයාලගෙම රටේ Rating එකට (Their own rating) අමතරව තවත් points 10ක් එකතු වෙනවා. 

Ex: ශ්‍රී ලංකාව තරගය දිනුවොත්,
එකතුවන points ගණන = ලංකාවේ rating 1+ 10   = 109+10  = 119
එතකොට Rating 1 = (5469+119)/51  = 109.57  = 110

සිම්බාබ්වේ දිනුවොත්,
එකතුවන Points ගණන = සිම්බාබ්වේ Rating 1 + 90 = 55+90  = 145
එතකොට Rating 1 = (1439+145)/27  = 58.67  = 59
ඒ කියන්නේ Rating එක 4 කින් වැඩි වෙලා..

ඒ වගේම තමයි ශ්‍රී ලංකාව තරගය පැරදුනාම,
එකතුවන Points ගණන = ලංකාවේ rating 1-90 = 109 – 90 = 19
එතකොට Rating 1 = (5469+19)/51 = 107.6   = 108

සිම්බාබ්වේ තරගය පැරදුනාම, 
එකතුවන points ගණන = දැනට පවතින rating 1 – 10  = 55-10  = 45
එතකොට rating 1 = ( 1439+45)/ 27 = 54.96  = 55
ඒ කියන්නේ යට තියන team එකක් පැරදුනාට ලොකු වෙනසක් වෙන්නේ නෑ.

මං හිතනවා ඔයාටම දැන් තරගයක් ඉවර වෙන්න කලින් Rank එක කියන්න පුළුවන් වෙයි කියලා..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: