Powered by Blogger.

PC එකෙන් voice typing කරමු. (how to do voice typing on PC)


computer එක ඉස්සරහ ගොඩක්  වෙලා වැඩ කරන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත්. සමහර අය ටයිප් කරන්න ගොඩක් වෙලා යනවා. ඊටත් වඩා ලේසියෙන් වගේම ඉක්මනින් ඔයාට මේ ක්‍රමය හරහා ටයිප්  කිරීම් කරන්න පුළුවන්.


Phone වලට නම් සින්හලෙන් සිංහලෙන් ටයිප් කරන ක්‍රමය ගැන ගොඩක් අය දැන් දන්නවා. ඒ උනාට PC එක හරහා මේක කරන්න පුලුවන් කියල ගොඩක් අය දැනගෙන හිටියේ නෑ. ගොඩක් අය ඩොකියුමන්ට් එකක්  type කරන්ඩ නං PC use කරනවා කරනවා. ඒත් ඉතින් එක දිගටම මේක කරන්න ගියාම ඇඟිලිවලටත් කිසිම නිදහසක් නැහැ ඒක නිසා මේ ක්‍රමය හරහා ඔයාට ඉක්මනින්ම වැඩ ටික කරගෙන යන්න පුළුවන්.

කොහොමද මේක කරන්නේ ?
මේ කරත් ඉතින් ඔයාට සුපුරුදු ලෙසම ගූගල් දෙයියන්ගේ පිහිට තමයි පතන්න වෙන්නේ. මේකෙන් අපිට පුලුවන් google docs ඇතුලට ගිහිල්ලා ටයිප් කරන්න විතරයි. ඊට පස්සේ එතන ටයිප් කරන ලියුමක් ඔයාට කැමති විදියට කැමති තැනකට කොපි කරලා ගන්න පුළුවන්.

එහෙනම් අපි වැඩේ පටන්ගමු

මුලින්ම කියන්න ඕනේ මේකට ඔයා "Google chrome" එකෙන්ම යන්න වෙනවා.
දැන් මේකට "google docs" කියලා ගූගල් එකේ සර්ච් කරාම යන්නත් පුළුවන්.

මේක ඇතුළට ගියාම ඇතුලට ගියහම ඔයාට මේ වගේ එකක් දකින්න ලැබේවි. මෙතනින් goto google docs යන්න


දැන් new ඩොකියුමන්ට් එකක් විදිහට blank sheet එකක් ගන්න


දැන් ඔයාට type කරන්න පුළුවන් ඔය වගේ background එකක් සහිත පිටුවකට ඒවි.

මෙතනින් කොහොමද voice  typing active කරගන්නෙ?
මේකට ඔයාට කරන්න තියෙන tools වලට ගිහිල්ලා voice typing select කරන එක විතරයි.



එතකොට මේ වගේ පොඩි ගැජට් එක වම් පැත්තෙන් ඒවි.

ඒකෙ තියෙන මයික් ලකුණ ක්ලික් කරාම voice typing 1 active වෙනවා.

දැන් ඔයා කැමති දෙයක් කටින් කියල බලන්න type වෙනවද කියලා.










වැඩේ ගොඩ නේද?

මේකෙදි ඔයාට කැමති දෙයක් කැමති speed එකකින් කියන්න පුළුවන් ඔයා මේක slow කිව්වා ඉක්මනට කිව්වා කියලා ලොකු වෙනසක් නැහැ. ඔයාට මාව විශ්වාස නැත්නම් මේකෙන් ඔයා ට්‍රයි කලා බලන්න.

මේක බාවිතා කරද්දි ඔයා  අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා 
අලුත් ලයින් එකක් ගන්න
අළුත් paragraph එකක් ගන්න
ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියනවා තියෙනවා.

මේකට මයික් එක එක්කම තියන help එකට යන්න ඕනේ. මේකේ ගොඩක් විස්තර තියනවා.






කොච්චර කිව්වත් මේක පොඩි අවාසියකුත් තියනව 
මේකෙ දැනට සපෝට් කරන්නේ භාෂාවන් කිහිපයකට විතරයි. මේකේ සිංහල නැති එක නම් අපිට ලොකු පාඩුවක්. හැබැයි ඉතිං මේ යන විදියට ඉස්සරහට ඒකත් develop කරාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේකෙන් ඔයා කැමති විදියට ටයිප් කරපු ලියුමක් ඔයාට ඔයා Word ඔයා වගේ document එකකට උනත් ලේසියෙන්ම copy කරල ගන්නත් පුළුවන්.

මේ ගැජට් එක  භාවිතා කරල ඔයාට ඔයාගේ වෙලාව ගොඩක් ඉතුරු කර ගන්න පුලුවන්.
අව්ලක් එම තියෙනවනම් comment එකක් විදිහට දාන්න.

තවත් ලිපියකින් හමු වෙමු

මේ වගේ කලින් ලිපිය බලපු නැති අය පහල ලින්ක් එකෙන් බලන්න


.
Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment