Powered by Blogger.

Typing වැඩ වැඩිපුර කරන අය අනිවා බලන්න. (Add word suggestion option to speedup your typing)


ඔෆිස් එකට වෙලා දවස තිස්සෙම ලියුම් ටයිප් කරන කෙනෙකුට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊටත් අමතරව හදිසි ලියුමක් ටයිප් කරන්න ගියාම ඔයාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ඔයාගේ කටහඬ භාවිතා කරලා ඉක්මනටම ලියුමක් ටයිප් කර ගන්න විදිය මා කලින් ලිපියක කිව්වා මතක ඇති. (Voice typing)

ඒක බලපු නැති අය ඉන්නව නම් මෙතනින් බලන්න



PC එකෙන් voice typing කරමු. (how to do voice typing on PC)


අද කියන්න යන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදියේ වැඩක් ගැන. මේක කලින් කිව්වා මේ method එකට වඩා ගොඩක් ප්‍රායෝගිකයි.

මොකක්ද මේකෙ වෙන්නෙ ?
මේකෙදි වෙන්නේ අපි අකුරු එකක් දෙකක් ටයිප් කලාම ඊට ගැලපෙන විදියට තවත් වචන යෝජනා මෙයා ඉදිරිපත් කරනවා. එතකොට ඉක්මනටම වගේ අපිට ලියුමක් ටයිප් කරගන්න පුළුවන්. තවත්මේ ගොඩක් වාසි මේකේ තියනවා.  අපි පොඩි දෙයක් කියල හිතුවට මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වැඩක්.



මේකේ ඇති වාසි සරලව කිව්වොත්
අකුරු දෙක තුනක් ටයිප් කලාට පස්සේ ඊට ගැළපෙන විදියට වචන යෝජනා මෙයා ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් education කියන වචනයේ edu කියලා ටයිප් කරලා ඉවර වෙනකොටම මෙයා education කියන යෝජනාව ඔයාට ඉදිරිපත් කරනවා.


ඔයාට අවශ්‍ය නම් විතරක් මේ විදිහට එයාල දෙන යෝජනාව පිළිගන්න පුළුවන් අවශ්‍ය නැත්නම් මගහැර යන්නත් පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.

මේකෙ තියෙන තවත් වාසියක් විදියට අපි වචන පේළියක් (sentence 1ක්) එක දිගට ටයිප් කරල ඉවර උනාම ඊළඟ වතාවෙත් අපි ඒ වචන පේළිය ම ටයිප් කරන්න උත්සාහ කළොත් ඉන් පලවෙනි වචන ටයිප් කරල ඉවර වුණ ගමන්ම එයා අපිට ඊළඟ වචනය වචනෙත් යෝජනා කරනවා.

තේරුනේ නෑ නේද ?

හරි ඒක මෙහෙමයි,
හිතන්න ඔයා ඊයෙ ලියුමක් ටයිප් කරද්දි "I propose to submit that letter on or before september" කියන sentence එක ටයිප් කලා කියලා.
ඊළඟ වතාවෙ වෙන දවසක ඔයා "I propose" කියල ටයිප් කරපු ගමන්ම ඊළඟට එයා "to" කියලා ඊලග වචනයට suggestion එක දෙනවා.


ඒකත් අපි accept කලොත් ඊළොත් "submit" කියන suggestion 1 එයා ඉදිරිපත් කරනවා.

 මේ විදියට අපි ටික කාලයක් වචන ටයිප් කරගෙන යද්දී අපට යද්දි අපිට ඉක්මනටම අපේ වචන ලිස්ට් එක හදාගන්න පුළුවන්.
හැමදාම අපි ටයිප් කරන වචන මේක save වෙන නිසා ඒකෙනුත් අපේ වැඩ වැඩ ගොඩක් ඉක්මන් වෙනවා.

එහෙනම් වැඩෙ පටන් ගමු

මුලින්ම පහල තියෙන ලින්ක් එකට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

https://abazillion.com/typing-assistant



දැන් මේක computer එකට install කරගත්තම මේ වගේ icon එකක් දකින්න පුළුවන්.


දැන් පුරුදු විදියට MS word වලට ගිහිල්ලා බලන්න වැඩේ හරිද කියලා.

මේක word වල විතරක් නෙමේ මේක ඔයා ටයිප් කරන්න යන හැම තැනකම වැඩ කරනවා.



Tricks during typing

  • ඔයා මුලින්ම අකුරු තුනක් ටයිප් කලාට පස්සේ ඔයාට word suggestion 1ක් මෙයා දෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒ settings මෙතනින් වෙනස් කරගන්න පුළුවන්.





අවසාදිත නිකං දුන්නට පස්සේ අපිට ඒක තෝරගන්න arrow keys භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒක භාවිතයේ පහසුව සඳහා මම ඒක tab key එකට වෙනස් කරා. අවශ්‍ය නම් ඒක මෙතනින් වෙනස් කර ගන්නත් පුළුවන්.


මේක ටිකක් අමාරු එපාවෙන වැඩක වෙන වැඩක් කියලා මටත් මුලදී ම හිතුනා ඒත් ටික දවසක් වැඩ කරගෙන යද්දී ඒක ගේමක් නැති වුණා. ඊට පස්සේ අපි හිතනවාටත් වඩා වැඩි වේගයකින්  අපට ටයිප් කරන වැඩ කරගෙන යන්න පුළුවන්.

වැඩේ අතෑරල දාන්නෙ නැතුව එක සතියක් try කරල බලන්න. ඊට පස්සේ ඔයාට මේක දිගටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

මේ ගැන තවත් විස්තර අවශ්‍යනම් මෙතනින් demo video බලන්න පුළුවන්.

http://www.sumitsoft.com/demovideo.htm

තවත් ලිපියකින් හමු වෙමු

මේ වගේ දේවල් ගැන කලින් දාපු ලිපි බලපු නැති අය මෙතනින් බලන්න..


.
Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment