Powered by Blogger.

Pen එකේ තියන දේවල් හංගමු...

ගොඩක් අය තමන්ගේ වැදගත් දේවල් Pen එකේ දාල තියනවනේ. ඉතිං එහෙම දාල තියෙද්දී ගෙදර අයට ,wife ට අහු වුනොත් ඉතිං බත් card 1ත් ඉවරයිනේ. කොම් එකේ file හංගන්න මම කලින් ක්‍රමයක් කියලා දුන්නා මතක ඇති නේ. එකනම් 100% වැඩ කළා කියලා comment දාලත් තිබුනා.

කොම් එකේ file හංගන ක්‍රමය බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න

File hide කරන්න පට්ටම Software එකක්

අද කියන්න යන දේ මේකට වඩා පොඩ්ඩක් වෙනස්. මේක මම හොදයි කියන්නේ pen වලට තමයි. computer, lap වලටනම් මම උඩ ලිපියේ දාලා තියන software 1 හොදයි.

මුලින්ම මේ Software එක Download කරගෙන ඉන්නකෝ.(884KB)


මේක කරන විදිය හොදට තේරුම් ගන්න. වැඩේ අල්ල ගත්තම ගේමක් නෑ.

1. Pen එක ඇතුලෙ අලුත් Folder එකක් හදන්න.

2. එකට ඔයාගේ Hide කරන්න ඕන File, Folder ටික දාන්න.

3. Download කරගත්ත software එකත් ඒ Folder එක ඇතුලටම දා ගන්න.
                         (ex: මේ විදියට)


4. දැන් ඒ Software එක D.Click කරලා open කරගන්න. 
password එකක් තැන් 2 ටම දෙන්න. 



දැන් protect button එක click කලාම අපිට හංගන්න ඕන වුන file/Folder ටික hide වෙලා තියනවා දකින්න පුළුවන්..



                 දැන් කව්රු ඇවිත් ඒ folder එක open කරලා බැලුවත් එයාට පෙන්නේ අර පොඩි software එක විතරයි. වෙන කෙනෙක් ඒ folder එකම copy කරගෙන ගියත් එයාට බලන්න පුළුවන් අර software එක විතරයි. 

කොහොමද මේ hide කරපු files/Folders ආයෙත් හොයා ගන්නේ?
          එකට කරන්න තියෙන්නේ මෙහෙම වැඩක්. ඔයා අර file හංගපු folder එකේ තියන software එක open කරගන්න. දැන් ඔයාට password එකක් ගහන්න තැනක් ඒවි. 



එතන ඔයා කලින් දුන්න password එක දෙන්න. එතකොට ඔයාට මේ වගේ window එකක් එක්ක ඔයාගේ file පෙන්නාවි.


       
      මෙතන තියන දේවල් මෙහෙමයි.

Minimum to tray: මේක දුන්නොත් window 1 minimize වෙලා ඔයාගේ file ටික අර folder 1 ඇතුලෙ පෙන්නාවි.

Restore protection: මේක දුන්නොත් ආයෙත් file ටික hide වේවි.

Cancel protection: මේකෙන් ඔයා මේ folder ට දීල තියන ලොක් එක ඉවත් කරන්න පුළුවන්. 

   මේ විදීයට ඔයාට ඔයාගේ pen 1 තියන වටිනා දේවල් හංගලා තියන්න පුළුවන්. මේ ක්‍රමේ තේරෙන්නේ නැත්නම් ආයෙත් තව පාරක් කියවලා බලන්න. 
මටත් මේක අල්ල ගන්න ටික වෙලාවක් ගියා. වැඩේ තේරුම් ගත්තොත් වැඩේ ගේමක් නෑ.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment