මේකත් Google Chrome
වලටම ගොඩක් වැඩ කෑලි දාලා හදපු සුපිරි භාන්ඩයක්. මගේ Blog එක බලන අයගෙන් 0.8% වගේ
තමයි මේක use කරන්නේ. ඒක නිසා අනිත් අයටත් මේක ගැන කියන්න හිතුනා.
මෙහි ඇති වාසි..
1.
Google chrome වල පෙනුමට
95%9898998119999989898සමාන වීම.
2.
Facebook chat තීරුවක්
ඇති නිසා අප Facebook සමග නැති විටෙක වුවද online සිට chat කළහැකි වීම. (Facebook
messenger වැනි ගැජට් අවශ්‍ය නොවීම)
3.
Facebook වල Friend
requests, messages, Notifications අප Facebook සමග නැති විටෙක වුවද ලැබීම.
4.
පහසුවෙන් Facebook messages
යැවීමේ හැකියාව.
5.
පහසුවෙන් Friends profile
ඇතුළු ගොඩක් දේවල් බැලීමේ හැකියාව.
6.
Google chrome වල
වැඩකරනා සියලුම extensions, Settings ඇතුළු 100% ක් දේ මෙහිදී වැඩ කිරීම.
මේකේ නම තමයි Rockmelt
Software එක මෙතනින්
download කරගන්න. (518KB)
Install කලාට පස්සේ open
කරන්න.
එතකොට ඔයාගේ Facebook
username එකයි password එකයි අහවි. ඒ දෙක දීලා sign in වෙන්නකෝ.
දැක්ක නේද වෙනස..
දැන් ඔයාට වම් පැත්තේ උඩ
Friend requests, messages, Notifications පෙන්නාවි.
දකුණු පැත්තෙන් Facebook
chat list එක පෙන්නාවි. ඒක ඔයාට කැමති පැත්තකට දාගන්න පුළුවන්.
ඉක්මනට facebook යාලුවෝ
හොයන්න පුළුවන් Address bar එකේ අපට අවශ්‍ය කෙනාගේ නම type කළාම.
වෙනදා වගේ Facebook හරහා
මේ වැඩේ කරන්න ඕනේ නෑ.
ඒ විදියට යාළුවගේ නම
Address Bar 1 type කළාම ඒ යාලුවෙක්ගෙ නම උඩට mouse එක ගෙනියන්නකෝ..
දැක්ක නේද, මෙතනින් ඔයාට
පුළුවන් ඒ යාලුවගේ Profile එක බලන්න, Wall එකට කැමති දෙයක් දාන්න වගේම ගොඩක්
ඉක්මනට message යවන්නත් පුළුවන්. (මේ වැඩේ normal විදියට කරන්න ගියොත් ඔයාට තේරුමක්
නැතුවම page 2,3 කට යන්න වෙනවා)
ඔයා දැනට use කරන ඕනෑම
extension එකක් ඔයාට මේකේ run කරන්නත් පුළුවන්.
මමත් මේක තමයි use
කරන්නේ.
මං කිව්වට දාලා
බලන්නකෝ...
ආයිත් කතා 2 ක් නෑ.
සුපිරියි..
0 comments:
Post a Comment