Powered by Blogger.

Daemon Tools වලින් වැඩ ගමු..


මොනවද මේ Daemon Tools?

මේක ඔයාට ගොඩක් වෙලාවට ඕනේ වෙන්නේ Game, Software වගේ දේවල් Install කරන්න ගියාමයි. සමහර Game හදන Company Game CD හදන්නේ CD නැතුව Game එක Play කරන්න බැරි විදියටයි. 
ඒ කියන්නේ Game 1 play කරන්නනම් CD එක ROM එකේ තියෙන්නම වෙනවා. තව Commandos වගේ Internet එකෙන් download කරගත්ත Game වලත් මේ seen එක තියනවා.

මෙතැනදී Daemon Tools වලින් වෙන්නේ අර CD එක දැන් කොම් එකේ ROM එකේ තියන විදියට පෙන්නනවා. ඒ කියන්නේ CD එක නැති වුනත් My Computer වල Device and Removable storages වල තියනවා කියලා පෙන්නනවා.

මුලින්ම මේ Software කැල්ල download කරගෙන ඉන්නකෝ.. (10.6MB)

ඕනෙනම් මේකේ අලුත් version එකත් තියනවා.. (14MB)

Install කරනකොටත් එක තැනක එනවා Free licence කියන එක දෙන්න.

Install කරගෙන Open කරගන්න.


මේ වැඩේ කිරීම සදහා Game එකේ image File එක ඔයාගේ කොම් එකේ තියෙන්න ඕනේ.
දැන් Add a device දෙන්න.




එතකොට යටින් තව Device and Removable storages එකක් දකින්න පුළුවන්.




දැන් අපි ඒ Device and Removable storages එකට අපිට අවශ්‍ය Game CD එකේ image file එක තියන path එක දෙන්න ඕනේ. ඒක කරන්නේ Add files වලින්.






අවශ්‍ය path එක දීලා Mount button එක click කලාම වැඩේ ගොඩ.


දැන් My computer ගිහින් බලන්න එතන CD එකක් තියනවා කියලා පෙන්නාවි.


දැන් ඔයාට පුරුදු විදියටම CD එකෙන් Game 1 install කරන විදියට වැඩේ කරන්න පුළුවන්..

සැලකිය යුතුයි: අප මේ ආකාරයට install කරන Game එකෙහි CD 2 , 3 ක් ඇත්නම් පළමු CD 1 install කිරීමේදී ටික වෙලාවකින් 2 වන CD එක ඉල්ලනාවිට පෙර ආකාරයටම 2 වෙනි CD එකෙහි image එකෙහි path එක ලබාදී පෙර පරිදිම 2 වෙනි CD එකක් සාදා ගන්න ඕනේ.



මේ විදියටම ඔයාට ඒ වගේ copy කරන්න බැරි CD, DVD එකක් අහු වුනොත් Image එකක් වුනත් මේ software එකෙන් file එකක් විදියට save කරගන්න, Write කරගන්න පුළුවන්. 

වැඩේ කරලා ඉවර වුනාම Remove device දෙන්න..

මේක චුට්ටක් පැහැදිලි කරන්න අමාරු Topic එකක්. ඒක නිසා තේරෙන්නේ නැති දෙයක් තියනවනම් මට Call එකක් දෙන්න..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments: