Powered by Blogger.

ලක්ෂයක් මාස 6 න්...


සල්ලි හොයන විදියක් ගැන නෙමෙයි කියන්න හදන්නේ..

මගේ පුංචි Blog එක පටන්ගෙන දැනට මාස 6ක් ඉවරයි. ඒ වගේම අද Blog Views ගණන 100,000 වුනා. ගොඩක් ලොකු සතුටක් තියනවා. ඒ වගේම කියන්න ඕනේ මගේ Blog එක බලන්න ආව හැමෝටම ගොඩක් ස්තුතියි කියලා..




ලක්ෂයක් කියන්නේ ලංකාවේ Blog වල Views එක්ක බැලුවම බොහොම පොඩි ගණනක්. ඒත් ඉතිං මටනම් පොඩි ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් තියනවා Blog එක ගැන. මුලින්ම Blog එකක් හදන්න හිතුනේ මගේ බෝඩිමේ යාලුවෙක් හදලා තියන Blog එක දැක්කම. ලොකු බලාපොරොත්තු තිබුනේ නෑ. මමත් වැඩේ පටන් ගත්තා.

මුලින්ම Views 100 ආවම කියලා නිම කරන්න බැරි තරම් සතුටක් ආවේ. ටික දවසකින් මේක 1000 වුනා. ආතල් එක වැඩි වෙලා ඒ ගැන Post එකකුත් දැම්මා. එකට මට දවස් 72 ක් ගියා. මේ විදියට 10,000 – 50,000 වුනා.

මම Computer ගැන දන්නේ බොහොම චුට්ටයි. ඒත් කොහොමහරි අලුත් දෙයක් හොයන්න මං Try කළා. දවසට එකක්වත් Post දාන්න ලොකු Try එකක් දුන්නා. අනිත් සිංහල Blog වල තිබුන අඩුපාඩු පුළුවන්තරම් මගේ Blog එකෙන් අඩු කරන්න මම try කළා. මේ Blog එක නිසා මට ලැබුන දේවල් ටිකකුත් තියනවා.

ජීවිතේට Facebook request ඇවිත් නැති මට දවසට 7 ක් 8 ක් එන්න ගත්තා. සමහර දවසට කෙල්ලොත් Request දානවා. :D
 Notification 1 ක්, 2 ක් තිබුන මට 30 ක් 35 ක් එන්න පටන් ගත්තා. ඒ වගේම තමයි message වුනත්. Call එන්නේ නැති මගේ phone එකට call එන්න ගත්තා. එහෙම කතා කලාම මට පුළුවන් විදියට මම එයාලට උදව් කරනවා.

මේ වැඩේ පටන් ගන්නකොට මාව ඇදලා දාන්න හදපු සෙට් එකකුත් ඉන්නවා. තාමත් ඉන්නවා. Online Help, පරිගණක උදව වල වගේ ප්‍රශ්න තිබුන අයට පුළුවන් විදියට උදව් කළා. ඒ එකකින්වත් මට වාසියක් නෑ. කෙටියෙන්ම කිව්වොත් මට පුළුවන් තරම් මං කළා. මගේ Blog එකට එන හැමෝටම ස්තුතියි. බ්ලොග් එක ගැන Comment දැම්ම 689 දෙනාටත්, members ලා 53 දෙනාටත්, Fan ලා 645 දෙනාටත්, හැමදාම comment එකක් දාලා මාව දිරිගන්න්වන යාලුවන්ටත් ගොඩක් ස්තුතියි...

දිගටම සයිබර් අවකාශය එක්ක රැදී ඉන්න කියලා ඔයාලට අරාධනා කරනවා..

ලහිරු ගුණසේකර
ඉංජිනේරු පිඨය         
මොරටුව විශ්වවිද්‍යාලය
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: