Powered by Blogger.

Facebook, Youtube videos, download නොකරම ගමු.

අපි internet ගියාම යන හැම webpage එකක්ම අපේ කොම් එකේ එක තැනකට download කරලා පෙන්නනවා වගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට එතනට අපි යන webpage වල තියන videos, photos හැම දෙයක්ම තාවකාලිකව ටික දවසකට save වෙනවා.මේක තමයි cache folder 1.
මෙතනට යන path 1 අපි use කරන web browser එක අනුවත් භාවිතා කරන windows operating system 1 අනුවත් වෙනස් වෙනවා.

හැම දේකටම කලින් ඔයා Organize –> Folder and Search Option –> View වල , Hidden files and folders වල Show hidden files and folders යන්න  select කරගන්න.

Windows 7 සදහා

Google chrome use කරන අයට

(මෙතන User name කියන එකට ඔයාගෙ user name එක දෙන්න. ඒක මොකද්ද කියල ඔයාට තේරෙනවා.)

C:\Users\USER_NAME\AppData\Local\Google\Chrome\UserData\Default\Cache

Firefox use කරන අයට

C:\Users\User name\AppData\Local\Mozilla\Firefox\Profiles\2fx3mv6o.default\Cache

Rockmelt සදහා

C:\Users\user name\AppData\Local\RockMelt\User Data\Default\Cache

Windows Xp සදහා

Google chrome use කරන අයට

C:\Documents and Settings\USER_NAME\Local Settings\Application Data\Google\Chrome

firefox වලට තියන path එකත් කලින් විදියමයි. චුට්ටයි වෙනස් වෙන්නේ.

දැන් ඒ විදියට cache folder 1ට ගිහින් R.click කරලා Arrange icons by(Sort by)--->Size දෙන්න.

එතකොට Size එක වැඩි Files උඩට එනවනේ. එතකොට ඔයාට Videos ලේසියෙන්ම හොයාගන්න පුලුවන්නේ.

ඒකෙ උඩම තියන data කියන file 3 අපට වැඩක් නෑ.
ඊට යට තියන f_00002b වගේ නමකින් තියන file එකක් R.click කරලා .mpg හරි .flv කියලා rename කරන්න.
ex: f_00002b.mpg       f_00002b.flv

දැන් ඔයාට ඒ වීඩියෝ එක ඔයාට ඕන තැනකට කොපියක් දා ගන්න පුලුවන්. මේ වගේ ඔයා බලපු photo වුනත් ගන්න පුලුවන්. ඒවානම් පොඩි size file නිසා ඒවා තියෙන්නෙ cache folder එකේ තියන පොඩි file වල. ඒවා බලාගන්න ඔයාට ඒ files ඔයාගෙ තියන Windows photo viewer, picasa වගේ photo viewer 1කින් open කරලා බලන්න පුලුවන්.



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment