Powered by Blogger.

E-Bay account එක හා Paypal account එක link කිරීම.



ලෝකයේ ජනප්‍රියම online market එක විදියට “E-Bay” හදුන්වන්න පුළුවන්. ලංකාවේ අපිට E-Bay account එකක් තිබීමේ ලොකු වාසි ගොඩක් තියනවා.

1 - ඉතා අඩු මුදලකට මිලට ගත හැකිවීම
2 - විශාල Item ප්‍රමාණයක් ඇති නිසා අපිට අවශ්‍ය දේ පහසුවෙන් සොයාගත හැකිවීම
3 - විශාල Sellers ප්‍රමාණයක් ඇති නිසා අපට අවශ්‍ය දේ තෝරාගැනීමට පහසු වීම.
4 – 99% කටත් වඩා විශ්වාසදායක ගනුදෙනුවක් වීම

මේ ගැන මං කලින් ලිපිවලත් දැම්මා. E-Bay ගැන මුල් පාඩම් බලපු නැති අය මුලින් ඒවා බලන්න. නැත්නම් මෙතැනින් එහාට මොනවත් තේරෙන එකක් නැතිවෙයි.



මට ඒ ලිපි වල අන්තිම කොටස් ටික ඉවර කරන්න බැරිවුණ නිසා ගොඩක් අය ඒ ලිපි ටිකත් දාන්න කියලා call කරලත් කිව්වා.
ඒ නිසා මේ ලිපිවලින් ඔයාට ඒ පිලිබදව හොද අවබෝදයක් ලැබේවි කියලා හිතනවා.

දැන් ඔයාට,
   අපට අවශ්‍ය භාණ්ඩය Search කර සොයාගැනීම
   Search කිරීමේදී Price එක අනුව Sort කිරීම
   Advance Search භාවිතය
   හොද Seller හදුනා ගැනීම

කරන්න පුළුවන් වෙන්න ඕනේ. (එහෙම මතක නැත්නම් උඩ තියන link වලට ගිහින් පරණ post බලන්න.)

දැන් ඔයාට අවශ්‍ය භාණ්ඩය තෝරගත්තට පස්සේ ඒක සල්ලි දීලා ගන්න අවශ්‍ය වෙනවා. මේකට Webcard එකක් (හෝ online ගනුදෙනු කළහැකි card එකක් ) අවශ්‍ය වෙනවා.

අපේ ගනුදෙනුවේ අතරමැදියා විදියට “Paypal” හදුන්වන්න පුළුවන්. අපි මේකට Paypal යොදාගන්න නිසා අමතර වියදමක් නැතුවම අපේ ගනුදෙනුවට ලොකු විශ්වාසයක් හදාගන්න පුළුවන්. Paypal එක වැදගත් වෙන්නේ මේ හේතුව නිසයි.

මොනවද මේ Paypal account එක link කරනකොට අවශ්‍ය වෙන්නේ?

1 - E-Bay account එකක්.
මේක හදලා නැත්නම් www.ebay.com වලට ගිහින් උඩම තියන “sign in” ලගම තියන register වෙන තැනට ගිහින් නොමිලේම register වෙන්න.

2 – Webcard එකක්.
මේ ගැන විස්තර කලින් ලිපි වල දාලා තිබ්බා

මේ 2 හරිනම් ඔයාට Paypal account එක link කරගන්න පුළුවන්. මේකට මුලින්ම Paypal account එකට register වෙලා ඉන්න ඕනේ. මේකට,

මුලින්ම ඔයාගේ Internet connection එක හොදින් තියෙන්න ඕනේ. (මගදී Disconnect වුනොත් ලෙඩ තමයි)

 Paypal website එකට යන්න.



“Sign up for Free” වලින් යන්න


දැන් එන page එකේ ඔයාගේ country එක තෝරලා යටින් “Personal” යටතේ ඇති “Get Started”තෝරන්න

දැන් ඔයාගේ Private විස්තර පුරවන්න Form එකක් ඒවි. මෙතනට ඔයාට හරියටම විස්තර දෙන්න. Password එක දෙනවිට ඒකට අකුරු + symbols + Numbers 3 ම තියෙන්න ඕනේ..
Ex: cyberawakashaya@1

සැලකිය යුතුයි:
මෙතන යට Card no Enter කරන්න තියන තැනට ඔයාගේ Webcard එකේ තියන ඉලක්කම් 16 ක් තියන Number එක දෙන්න ඕනේ.
ඒ කොටුවට ඉදිරියෙන් තියන අනිත් හිස් කොටුවේ ඔයාට Bank එක දීලා තියන ඉලක්කම් 3 ක් තියන Password එක දෙන්න ඕනේ. 



මේ හැම විස්තරයක්ම Fill කලාට පස්සේ ඊලග Page එකට යන්න.

මෙතන පොඩි Huminity check එකක් තියනවා. මේකට යට පේන්න තියන වචනේ එතන උඩ type කරලා දාන්න.





දැන් මෙතන වැඩ ඉවරයි. දැන් ඔයාගේ E-Mail එකට ගිහින් බලන්න PayPal එකෙන් mail ඇවිත් තියනවද කියලා.

ඒ ඇවිත් තියන Mail වලින් “Activate your PayPal Account” කියන Mail එකට යන්න.
මෙතැනින් “Activate My account” දෙන්න.


ඊළගට යන Page එකේ ඔයා කලින් PayPal account එකට දුන්න Password එක දෙන්න ඕනේ.
Ex: cyberawakashaya@1


දැන් තව Mail ටිකක් ඔයාට ඒවි. ඒවාත් කඩ්ඩ හදාගන්නත් එක්ක කියවන්න.


කොහොමහරි අන්තිමට “*Name your account is active” කියලා Mail එකක් ආවානම් ගොඩ..

ඊලග ලිපියෙන් මෙහෙම හදාගත්ත Account එකකින් අපි මිලට ගන්න item එකකට pay කරන්නේ කොහොමද කියලා කියන්නම්.


මොනවහරි ගැටළුවක් අවොත් මට කතාකරන්න..

Contact me.. ( Lahiru Gunasekara)


වැදගත් වුනානම් Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. paypal account ekak haduwata passe bank ekath ekka verified karannama onada order karanna?

    ReplyDelete
    Replies
    1. eth eka parak order kalama ayith order karanna denne naha neh... error ekak enwa..

      Delete
    2. ehema ekaknam ne. mamat ekama item eka 2, 3 wathawak order karala tiyanawa

      Delete
  2. 1) Web card eka pawichchi karala monawa hari gaththata passe, card eke ithiri balance eka balaganna widiyak nadda onlinema, bank ekata yanne nathiwa.
    2) Web card eka nawatha reload karanna Rs 2500 mada danna one. nathnam onnam aduwen dannath puluwanda?
    3) Web card ekata dan salli walata interest eka widiyata kiyak withara kapenawada?

    ReplyDelete
    Replies
    1. 1) Oyata Bank eke card center call kalama balance ahanna puluwan. (Sampath Bank - 0112300598)
      2) Passe oyata kemati gaanak Bank ekata danna puluwan. Mamat daanne Rs. 500 k wage
      3) Transaction walata charge wenne ne. Et samahara Bank Annual fees ekak gannawa Rs.200 k wage

      Delete
  3. Thank you very much for this great post. webpage

    ReplyDelete