Powered by Blogger.

E-Bay වලින් තෝරාගත් භාණ්ඩයකට මුදල් ගෙවීම (Pay for selected items in E-Bay)



E-Bay වලින් Item එකක් තෝරගත්තට එකට සල්ලි ගෙවලා ගන්න ගොඩක් අයට බැරිවුණා කියලා message කරලා තිබ්බා. අද කියන්න යන්නේ ඒක කරන system එක.

E-Bay වල වාසි සහ අනෙක් හැම විස්තරයක්ම කලින් ලිපිවල බලන්න ඇති කියලා හිතනවා.


කොහොමද Item එකක් සල්ලි දීලා ගන්නේ?

මේක Step කිහිපයක් යටතේ කියන්න පුළුවන්.

1 - අවශ්‍ය Item එක තෝරාගැනීම
2 - අපේ රටට Sell කරනවාදැයි බැලීම. (සමහර sellers ලා Worldwide sell කියලා දාලා තිබ්බට ගෙවන්න ගියාම කියනවා ලංකාවට යවන්නේ නෑ කියලා)

එහෙනම් වැඩේ පටන්ගමු.

අවශ්‍ය Item එක කලින් කිව්ව විදියට Select කරගන්න. 


දැන් Page එකේ පහලට ගිහින් “Description” Tab එක ලගම තියන “Shipping and Payments” වලට ගිහින් අපේ රටට item එක Sell කරනවද කියලා බලන්න.




දැන් “Buy it now” දෙන්න.




දැන් ඔයා E-Bay account එකට log වෙලා නැත්නම් Sign in වෙන්න කියලා කියාවි. (නැත්නම් කෙලින්ම ඊලග step එකට යාවි)

ඊළගට එන Page එකේ “Ship to” යටතේ ඔයාගේ Address එක තියනවා. ගොඩක් අය Change Address කියලා Option එක දෙනවා. එහෙම තියනවනම් අපිට අවශ්‍ය Address එකකට Item එක ගෙන්වන්න පුළුවන්.

 “Pay with” යටතේ ඔයා ගෙවීම කරන ආකාරය අහනවා. මමනම් PayPal use කරන නිසා ඒ Option එක select කළා.


ඊළග Page එකට ගියාම ගනුදෙනුව තහවරු කරන්න අහනවා. එතනින් “Continue” දෙන්න.

මේ වෙලාවේ ඔයා PayPal account එකට log වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් PayPal account එකට log වෙන්න කියලා කියනවා.

සැලකිය යුතුයි: 
මෙම පියවර යටතේ Paypal account එකට Log වීම ඇතැම් වෙලාවට කල නොහැකි වන අතර ඒ නිසා අලුත් Tab එකක www.paypal.com වෙත ගොස් එතනින් log වීම යෝග්‍ය වේ. 




අන්තිම වතාවටත් Pay කරන්නද කියලා ඊලග Step එකේදී අහනවා. මෙතැනදී ඔයාට පුළුවන් ඔයාගෙන් කියක් cost වෙනවද කියලා රුපියල් වලින්ම දැනගන්න. අන්තිමට “Confirm and Pay” කියලා තැන් දෙකක තියනවා. ඒකෙන් කැමති එකක් Click කරන්න.

දැන් හරි. ඊළගට එන page එකේ “Thank you” message එකක් එක්ක ඔයාට Item එක ලැබෙන්න පුළුවන් දවස පෙන්නනවා.

වැඩේ ගොඩ නේද?

අන්තිමට Seller අපේ Email එකට “Thank you”  message එකකුත් එවලා තියනවා දකින්න පුළුවන්.




මොනවහරි අවුලක් අවොත් මට කතා කරන්න.


Contact me - ලහිරු ගුණසේකර 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. mcn mama malaysian widiyata paypal aka hadala thiyenne.aka nisa ebay aken badu gennaddi kes wenna puluwanda.mokada addres 2 dewidiyak nisa.akata mokakda karanna one.

    ReplyDelete
    Replies
    1. එකට අවුලක් වෙන්නේ නෑ.
      මැලේසියන් වුනාම Paypal account සල්ලි අයෙත් ගන්නත් පුළුවන්.

      Delete