Powered by Blogger.

E-Bay වල නිතර මතුවන ගැටළු (FAQ in E-Bay)



E-Bay ගැන ලිපි post කලාම එක දිගට calls වලින් යාලුවෝ විස්තර අහන්න ගත්තා. මේ තියෙන්නේ එහෙම ගොඩක් අය අහපු ප්‍රශ්න set එකක්.

E-Bay වල sellers ලා විශ්වාස කරන්න පුලුවන්ද?

99% ක් ම sure. බයවෙන්න එපා. මොකද එයා අපි කැඩුනු බිදුණු භාණ්ඩයක් එව්වා කියලා E-Bay එකට complain කලොත් එයාලට දිගටම E-Bay හරහා ගනුදෙනු කිරීම කළ නොහැකි වෙනවා. (Blacklist) ඔයාට Sure එකක් ඇත්තෙම නැත්නම් Seller යටතේ තියන Top Rated seller කෙනෙක්ගෙන් අරගන්න.



අපිට ඕනෑම Address එකකට Item එක ගෙන්නගන්න පුලුවන්ද?

98% ක් ම උත්තරේ “ඔව්” කියන එකයි. අපි Item එකට pay කරන step වලදී මුලදීම වගේ තියනවා “Change Address” කියලා එකක්. මෙතනින් අපිට කැමති Address එකක් දෙන්න පුළුවන්.



මොකද්ද මේ “Postal code” කියන්නේ?

Post office වලට අදාල Postal code එකක් තියනවා. ඔයාට ලියුම් එන්නේ මොන Post office එකෙන්ද කියලා මෙතනින් පෙන්නනවා. ඒ නිසා ඔයාගේ Post office එකේ Postal code එක Google එකේ search කරලා පහසුවෙන්ම හොයාගන්න පුළුවන්.
Ex: search in Google as “Matara Postal code”

එහෙම නැත්නම් ලංකාවේ අයට මේ Link එකට ගිහින් තමන්ගේ postal code එක හොයාගන්න පුළුවන්. 

Item එක එන්න දවස් කියක් යනවද?

මේක ඔයා ඉන්න රට අනුව වෙනස් වෙනවා. Normally සති 2 කින් විතර එනවා. China වල ඉන්න අයටනම් දවස දෙක තුනකින් එනවා. එක Item එක ගැන විස්තර තියන තැන යට Table එකක පෙන්නනවා. එතනින් ඔයාට පොඩි idea එකක් ගන්න පුලුවන්.

එහෙම නැත්නම් item එකක පහලට යනවිට තියන "Shipping and Payments" වලදීත් මේ විස්තර බලාගන්න පුලුවන්. 




අපේ Webcard එකේ Balance එක බලාගන්නේ කොහොමද?

මේකට ඔයාට ඔයාගේ Bank එකේ account එක Online account එකක් හරහා control කරන්න පුළුවන් වෙන්න හදාගන්න ඕනේ. එහෙම නැත්නම් Bank එකේ customer care වල card center හරහා කතාකරන්න ඕනේ. මමනම් සම්පත් එකේ card center එකට කතා කරලා තමයි නොමිලේම Account balance එක බලාගන්නේ.


Web-card Balance එක නැතුව Item එකක් Order කලොත් මොකද වෙන්නේ?

එතකොට ඔයාගේ E-bay account එකෙන් ඔයා buy කළා කියන detail එක තියාගන්නවා. ඊට පස්සේ ඔයා කවදාහරි account එකට සල්ලි deposit කල දවසට ඒ Item එක ගන්න පුළුවන් කියලා වැටෙනවා.

අපිට “Auction” වලින් වෙන්දේසියේදී Bid කරලා දිනපු Item එකක් ගන්නේ නැතුව Order එක cancel කරන්න පුලුවන්ද?


ගොඩක් sellers ලා එහෙම කරනවට කැමති නෑ. නමුත් ඔයා Bid එක win කලත් ඔයාට එකට pay කරන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම වුනාම අපි වෙන Item එකක් Buy කරන්න ගියත් ඔයා කලින් ඒ වගේ ගෙවන්නේ නැතුව හිටිය Item එක ගැන මතක් කරනවා. මෙහෙම 2,3 ක් ඔයා Bid එක win කරලා ගන්නේ නැතුව හිටියොත්නම් ඔයාගේ “E-Bay” account එක Blacklist වෙනවා. ඒ නිසා බැරිම අවස්ථාවකදී නැතුව ආතල් එකට එහෙම කරන්න එපා. 


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment