Powered by Blogger.

පරණ E-mail account හැම එකක්ම අලුත් E-mail එකට හරවමු. (Forward E-Mails of Old Mail into New E-Mail Account)


ගොඩක් අයට තමන්ගේ E-Mail Address එක මොඩ් කරලා හදාගන්න ඕන වුනත් ගොඩක් අය කියන්නේ පරණ E-mail එක හැම තැනටම දීලා තියන නිසා ඒක කරන්න try කරන්නේ නෑ. තවත් සමහර අයට company එකෙන් අලුත් E-Mail එකක් දෙනවා. එතකොටත් හරි කරදරේ.

අද කියන්න යන්නේ එහෙම පරණ හැම E-Mail එකකටම එන Mail අලුත් Mail address එ‍කට එන විදියට හදාගන්නේ කොහොමද කියලා.

අපි හිතමු අපිට පරණ E-Mail 2ක් “Old Mail – 1” සහ “Old Mail – 2” කියලා තියනවා කියලා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඒ පරණ Mail වලට එන E-Mail “New Mail” කියන අලුත් E-Mail එකට ගන්න අවශ්‍ය වුනා කියලා.

එහෙමනම් වැඩේ පටන් ගනිමු.

01 - මුලින්ම “Old Mail –1” ට යන්න. (Sign in)




02 - දැන් Settings වලට යන්න ඕනේ.
(දකුණුපස උඩ)

03 – “Forwarding and POP/IMAP” Tab එකට යන්න.

04 – Forwading යටතේ “Add a Fowarding address” යන්න

05 - මෙතන ඔයාට Forward වෙන්න අවශ්‍ය E-Mail address එක දෙන්න ඕනේ. මේ example එකේ විදියටනම් “New Mail” address එක මෙතනට දෙනවා. මේ Address එකට තමයි අන්තිමට හැම E-Mail එකක්ම එන්නේ.

06 - දැන් Next දෙන්න.




07 – Confirm කරගන්න Dialog box එකක් එනවා. එතනට Proceed දෙන්න.


08- දැන් ඔයාගේ “New Mail” එකට Mail එකක් ඇවිත් ඇති. ඒක open කරන්න. (Inbox වල දකින්න නැත්නම් Spam වල check කරන්න)



එක වෙලාවට Logout නොවී E-Mail Account දෙකකට යන system එක මතක නැත්නම් මේ Link එකට ගිහින් අයෙත් ඒක මතක් කරගන්න.

එකවිට e-mail 2 කින්, FB account 2කින් log වෙමු


09 - මෙතන මැදට වෙන්න Confirm කරන්න කියලා link එකක් එනවා. ඒක Click කරන්න.


10 - ඒ Mail එකේම උඩ Confirmation code කියලා එකක් එනවා ඒ code එක copy කරගෙන අයෙත් “Old Mail 1” එකේ Settings වලට ගිහින් “Forwarding and POP/IMAP” Tab එකේ code එක ඉල්ලන තැනට මේ code එක දෙන්න. අන්තිමට Verify දෙන්න.




දැන් වැඩේ ගොඩ….




මේ විදියටම ඔයාට “Old Mail – 2” කියන එකටත් Settings දෙන්න පුළුවන්. ඔයාට අවශ්‍යනම් මේ විදියට ඔයාට කැමති තරමක් E-Mail address දෙන්න පුළුවන්.


හැම Mail එකක්ම එන්නේ නැතිව අපිට අවශ්‍ය Mail Address වලින් විතරක් Mail අලුත් E-Mail එකට Forward කරගන්න හැටි ඊලග ලිපියෙන් කියන්නම්.. 

අවුලක් තියනවනම් Comment එකක් දාන්න...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment