Powered by Blogger.

ඔයා එක දිගට computer එකත් එක්ක වැඩ කරන කෙනෙක්ද?. එහෙනම් මේ ගැනත් ඔයා අනිවාරෙන්ම දැනගත යුතුයි...




ඔන්න තවත් එක වැදගත් දෙයක් ගැන තමයි මේ  post එක ගෙන්නාවෙ.  ලෝකය දියුනුවෙනව එක්කම අපේ පහසුවට ආපු දෙයක්නේ පරිගනකය කියන්නෙ. ඇත්තටම කිව්වොත් PC එක නැතුව අපිට ඉන්නම බැරි තරම්නෙ දැන්.. දවසකට පැය කියක්නම් අපි PC එක ලගට වෙලා ඉන්නවද? මම නම පැය 12ක් වත් ඉන්නවා. හිටියා වගේ නෙවෙයි මේකෙන් අපිට එක එක දුබලතා හැදෙන්නෙ පුලුවන්. මට නම් හැමදාම රෑට නිදාගන්න යනකොට ඔලුව රිදෙනවා. මට හිතෙන විදියටනම් එහෙම වෙන්නෙ ඇස් දෙක ගොඩක් විඩාවට පත් උනහම.

ඉතින් ඕක ඔහොම දිගටම උනොත් ඇස් පෙනීම අඩුවෙනවා කියල කාටවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. එහෙමයි කියලා PC එකෙන් ඈත් වෙන්නත් බැහැනේ... ඔය දෙකම shape වෙලා යන විදියෙ post එකක් තමයි මේ...(Idea එක ලහිරු අයියගේ ...)

                              
ඔබේ ඇසට පොඩි විරාමයක්....

           හොදම දේ  තමයි PC එක දිහා පැයක් විතර බලාගෙන ඉදලා... පොඩ්ඩක් නැගිටලා ගිහින් වටපිටාව  දිහා ඇස් දෙකට සැහැල්ලුවක්  දැනෙනකන් ඉදලා ඇවිත් ආයෙත් වැඩ පටන් ගන්න එක.. 

එත් එකෙත් පොඩි අව්ලක් තියෙනවා වගේනේ. office එකේ වගෙ ඔහොම නැගිට නැගිට අවිදින්න ගියොත් job එකත් නැතුව යනවනෙ.. එකට තමයි මේ විසදුම..

20-20-20 ක්‍රමය..  

මොකක්ද මේ 20-20-20 කියන්නෙ?
විනාඩි 20 ක් ඔයා screen එක දිහා බලාගෙන ඉදලා.. අඩි 20ක් විතර දුරින් තියෙන වස්තුවක් දිහා තප්:20ක් විතර බලාගෙන ඉදල තවත් තත්පර 20ක් අස් දෙක පියාගෙන් ඉදලා ඔයාට පුලුවන් වැඩ කරන්න.. 
එක දිගට වැඩකරගෙන යනකොට මේක අමතක වෙනවනේ මේකට තියෙනවා online reminder එකක්. මේකෙන් අපිට එහෙම වෙලාවට මේක කරන්න මතක් කරලා දෙනවා. 


දැන් Start PYV click කරන්න 


select mode කියන තැනින් 20-20-20 ලබා දෙන්න*  


*මෙහිදී ඔබට කැමැති mode එකක් සකස් කරගත හැකිවුවත් වඩා යෝග්‍ය වන්නේ 20-20-20 mode එකයි. 

දැන් ඔබට මෙමගින් විනඩි 20න් 20ට ඔබට reminder එකක් ලබාදේ..


                           ඇස් කැරකැවීමෙන් ඇස් වලට පොඩි exercise එකක් ලබා දීම  





ඔරලෝසුවේ කටුකැරකෙන පැත්තට ඇස් කරකවීම සහ ඇස් උඩ යටට හැරවීම වැනි පොඩි excise ටිකක් කරන්න පුලුවන්. මේ ඔයාගේ ඇස් වලට පොඩි සහනයක් දැනෙන්කන් කරන්න..

තව වැදගත්ම කරුනක් තමයි එක දිකට computer එක දිහා බලන් හිටයම එන කදුලු පිහිනොදා තියාගන්න ඕන. අපි ගොඩක් දෙනෙක් මෙ එන කදුලු පිහිදානවානේ. මේක ගොඩක් අහිතකරයි. මොකද ඇසේ තියෙන කාචය එක දිකට වැඩ කිරීමේදී විජලනය වෙන්න පුලුවන්. එතකොට කාචයට හානී වෙන්න පුලුවන්. එක අවම කරගන්න තමයි කදුලු එන්නෙ. එක පිහිදාලා ඉවත් කරන එකෙන් අපි වැලකිලා ඉන්න එක තමයි වැදගත්වෙන්නෙ.

                                          හුස්ම ඉහල පහල හෙලීම 

 computer screen එක දිහා ගොඩක් වෙල බලාගෙන ඉන්නකොට අපෙ හුස්මගැනීමේ වෙගය මදක් පහලට යනවා (අපි විවේකීම ඉන්නකොට අපේ ආශ්වාස ප්‍රාශ්වාස වෙගය පහල යනවනේ.. එත් මේ වෙනකොට අපේ ඇස් අසීමිත ලෙස වෙහෙසෙනවා screen එකෙ යම් යම් දෑ දකින්න.. ) 

හොදින් හුස්මගන්න කොට රුධිර වහනය ක්‍රමයත්ව සිදුවෙනවා අපි 20-20-20 ක්‍රමයේ දී අඩි 20 ක් ඈතින් තියෙන දෙයක් දිය බලනින්න විනාඩි 20දිම මේ හුස්ම හොදින් ඉහල පහල ගන්න එකත් කරානම් ඇස්වලට දැනෙනෙ විඩාව ටිකක් අඩුවෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි computer එකේ Screen එක ඔයාගෙ අස් මට්ටමට වඩා පොඩ්ඩක් පහතින් තියාගන්න ඕන. මේකෙදි වෙන්නෙ ඔයාගේ ඇස් වලට එන අලෝක කිරන යම්තාක් දුර අඩු වෙන එක එකෙන් ඔයාගේ ඇස් වෙහෙසීම මදක් අඩු කරනවා..


computer screen එක අඩුම තරමින් 50-70 cm අතර දුරකින් තියාගන්න ඕන. එතකොට ඇසට දැනෙන විඩාව ගොඩක් අඩුවෙනවා.. computer screen එක ඇස් මට්ටමට වඩා අහලින් තියාගන්නවනම් 20-70 cm අතර තියාගන්න.. 10cm ට අඩුවෙන් නම් කවදාවත් තියාගන්න එපා 

ඔයාට පුලුවන් DHA බහුල ආහාර සහ විටමින් A බහුල ආහාර ගන්න..

එහෙනම් මම ගියා.... post එක හොදනම් comment එකකුත් දාන්න.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. computer screen එක ඇස් මට්ටමට වඩා අහලින් - methana ihalinda pahalinda machan. hariyata type vela na (ahalin kiyala thiyenne)

    ReplyDelete