Powered by Blogger.

ලෝකයේ ලොකුම ක්‍රීඩාංගන 10 ( Top Ten Largest Stadiums in the World)



තරගාවල තියන උණුසුම එක්ක තරගයක් බලන්න එන අය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හදන්න අවශ්‍යවෙන Ground එකේ size එකත් වෙනස් වෙනවා.

මේවා පාපන්දු, ක්‍රිකට් සහ මළල ක්‍රීඩා වලට use කරනවා.

මේ වර්ගකිරීම කරලා තියෙන්නේ තරග නරඹන්න පුළුවන් ධාරිතාව අනුවයි.

10. Melbourne Cricket Ground (MCG), Melbourne, Australia – 100,018 spectators



1854 වර්ෂයේ අරම්හකර ඇති මේ ක්‍රීඩාංගනය විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසද සලකනවා. ක්‍රිකට්, රග්බි වලටද භාවිතා කලහැකිවන සේ සාදා ඇති මේ ක්‍රීඩාංගනය වඩාත් ජනප්‍රිය වුයේ 1956 ඔලිම්පික් උළෙල සමගයි. එළැබෙන ක්‍රිකට් ලෝක කුසලානයට පවා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇති.

9. Darrell K Royal–Texas Memorial Stadium, Austin, TX, United States – 100,119 spectators


1924 දී ආරම්හ කල මෙය ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පාපන්දු පිටිය ලෙස හැදින්වේ.

8. Bryant-Denny Stadium, Tuscaloosa, AL, United States – 101,821 spectators


ඇමෙරිකාවේ 5 වෙනි විශාලතම ක්‍රීඩාංගනය වන මෙය පාපන්දු ක්‍රීඩා සදහා 1921 දී ආරම්භ කරනු ලැබුවකි.

7. Ohio Stadium, Columbus, OH, United States – 102,329 spectators


1922 දී ආරම්භ වූ මෙය පාපන්දු ක්‍රීඩා සදහා යොදාගනී.

6. Neyland Stadium, Knoxville, TN, United States – 102,455 spectators.


මෙය ප්‍රධාන වශයෙන් පාපන්දු ක්‍රීඩාපිටියක් ලෙස භාවිත වේ. ආරම්භය 1921 ලෙස සටහන් වේ.

5. Estadio Azteca, Mexico City, Mexico – 105,000 spectators



මෙක්සිකෝ ජාතික පාපන්දු කණ්ඩායමේ හා මෙක්සිකන් ක්ලබ් හි ප්‍රධාන ක්‍රීඩාංගනය ලෙස භාවිතා වන මෙහි ආරම්භය 1966 ලෙස සැලකෙනවා.

4. Beaver Stadium, State College, PA, United States – 106,572 spectators


1960 ආරම්භ කල මෙය පාපන්දු ක්‍රීඩාව සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.

3. Michigan Stadium, Ann Arbor, MI, United States – 109,901 spectators


"The Big House" නමැති නමින්ද හදුන්වන මෙය ප්‍රධාන වශයෙන් පාපන්දු ක්‍රීඩා සදහා යොදාගනී. කිහිපවරක්ම විශාල කර මෙවැනි ලොකු ධාරිතාවක් ලගාකරගෙන තිබෙනවා.

2. Salt Lake Stadium, Kolkata, India – 120,000 spectators


ඉන්දියාවේ ඇති විශාලතම ක්‍රීඩාංගනය වන මෙය පාපන්දු හා මළල ක්‍රීඩා සදහා යොදාගනී. ආරම්භක වර්ෂය 1984 ලෙස සටහන් වේ.

1. Rungnado May Day Stadium, Pyongyang, North Korea – 150,000 spectators





1989 දී මළල ක්‍රීඩා සදහා හා පාපන්දු ක්‍රීඩා සදහා නිමකළ මෙහි ලක්ෂ 1.5 කට ඉඩ පහසුකම් තියනවලු..

කොහොමද වැඩේ??

මේ වගේ තවත් ලිපි ඔයාට මෙතනින් බලන්න පුළුවන්

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment