Powered by Blogger.

කොම් එක Start වෙනකොට එන (startup) software වෙනස් කරමු..


සමහර වෙලාවට කොම් එක on වෙනකොට එපා වෙනකම් error messages, අනං මනං වැටෙනවා. වෙලාවකට ඒක වදයක්. ඒවා අයින් කරලා කොම් එක on වෙන speed එක වැඩි කරන හැටි මම කලින් දවසක ඔයාලට කිව්වා මතක ඇති නේ. බැලුවේ නැත්නම් ඒකත් බලන්නකෝ...

ඔබේ පරිගනකය Slow ද? part 2

හැබැයි ඒක අපිට ප්‍රයෝජනවත් වෙන වෙලාවල් වුනත් තියනවා. අපි කොම් එක on කරනකොට අපිට Mobile partner එක start වෙන්න දෙන්න පුළුවන්. නැත්නම් උදාහරනයක් විදියට මම මිට කලින් දාල තියන post ඒකෙ තියන එක කොම් එක on වුනාට පස්සේ අපිට manually on කරගන්න වෙනවා. තවත් කියනවනම් Virus guard වගේ දේවල්නම් Auto startup එකට එනවා.

අද කියන්න යන්නේ එහෙම අපිට අවශ්‍ය programs , Startup එකට එකතු කර ගන්නේ කොහොමද කියලා.

මුලින්ම මේක copy කරගන්න

%UserProfile%\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

දැන් මේක Folder Box එකට paste කරන්න. (Folder box එක දන්නේ නැති අය photo 1 බලන්න)


නැත්නම් C\Users\Your user name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup යන්න (Windows xp සදහා මේ path එක චුට්ටක් විතර වෙනස් වේවි) . දැන් ඔයා startup window එකට ඇවිත් ඇති.

දැන් ඔයාට එකතු කලයුතු Program එකට C\Program files හෝ C\Program files (x86) වලින් යන්න. දැන් එහි අවශ්‍ය program එකෙහි .exe file එක copy කරගන්න..

සැලකිය යුතුයි: copy කර ගැනීමට පෙර එම .exe file 1 Double click කිරීමෙන් ඔබට අවශ්‍ය program එකට යා හැකිදැයි සැකහැර දැනගන්න. (.exe file එක සොයා ගැනීමට පහසුම ක්‍රමය නම් එහි type එක ලෙස Application ලෙස දිස්වේ)


දැන් අපි කලින් ගියපු Sartup Folder එකට ගිහින් Paste Shortcut දෙන්න.



දැන් කොම් එක restart කරලා බලන්න වැඩේ ගොඩ ගිහින්ද කියලා..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: