Powered by Blogger.

32Bit ද? 64Bit ද?

Windows වල Bit size එක ගැන ගොඩක් අය හොයන්නේ නැති වුනාට එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. 

මේක වෙනස් වුනාම අපිට කොම් එකේ ගොඩක් දේවල් කරන්න බැරි වෙනවා.

කොහොමද මගේ කොම් එකේ 32Bit ද 64Bit ද කියලා බලාගන්නේ?


My Computer Right click කරලා Properties යන්න. එතනින් ඔයාට මේක check කරන්න පුළුවන්.

මෙහි වෙනස්කම්..

ප්‍රධානම වෙනස්කම තමයි RAM එක. එකෙන් නිසි අයුරින් ප්‍රයෝජනයක් ගන්නනම් හරියටම ගැලපෙන Bit version එක තෝරගන්න ඕනේ.

32Bit වාසි..

·         පරණ Softwares, Applications බොහොමයක් වැඩකළ හැකිවීම.
·         අඩු RAM එකක් ඇති අයට පවා වැඩකළ හැකිවීම. (අවම 512MB)



32Bit අවාසි..

·         අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය
·         4GB RAM වලට වඩා වැඩි වූ විට Support නොකිරීම

64Bit වාසි..

·         අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය
·         ඇතැම් 32Bit Softwares පවා පහසුවෙන් වැඩ කිරීම.
·         හොද Memory Management එකක් ඇති නිසා පරිගණකය කාර්යක්ෂම වීම.
·         1GB RAM සිට 128GB RAM දක්වා support කිරීම.

64Bit අවාසි..
·         32bit ඇතැම් Softwares 64Bit වල වැඩ නොකිරීම.

මේ නිසා මං ඔයාලට කියන්නේ ඔයාගේ කොම් එකේ RAM එක 2GB හෝ ඊට වඩා තියනවනම් 64Bit හොදයි කියලා.

හැබැයි ඔයා 64Bit දාන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් හිතන්න ඕනේ.

1. ඔයා ලග තියන Printers, Scanners වල Softwares 64Bit සදහා තිබීම. (එසේ නොමැතිනම් Google search මගින් 64Bit එක තියනවද කියලා check කරන්න)

2. ඔයා නිතරම වැඩ කල වටිනා Softwares 64Bit සදහාද setup file එක තිබීම.

එහෙම තියනවනම් කිසිම අවුලක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්.

64Bit දැම්මට පස්සේ ඔයාට C drive එකේ Program files Folders 2ක් දකින්න පුළුවන්.
එකෙන් Program Files Folder 1 64Bit installed software සදහාද, Program Files (x86) Folder 1 32Bit installed සදහාද වේ.


Enjoy it..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. YALUWA MAMA 64 BIT DALA TIYENNE ETH MAGE RAM EKA USABLE 3.25GB BUT MAGE RAM EKA 5GB TIYENAWANE MOKADA EHEHEMA UNE :p

    ReplyDelete
    Replies
    1. oya kawadahari OS eka wenas karala beluwada?
      den windows 7 da tiyenne?

      Delete
  2. machan 64bit eka danne 4gb walata wada wadiyen ram tiyenakota kiyala uda tiyanawane..usable ram ekada 4gb walata wada wadi wena one 64 bit dana.natam api motherboard ekata hai karana ram ekada 4gb walata wada wadi wenna one .plz comment

    ReplyDelete
    Replies
    1. Motherboard ekata set karana eka 4GB ta wadinam 64 bit wenna one

      Delete