Powered by Blogger.

"Google Map" internet connect නොවී බලමු...

ගමනක් යනකොට , මොනවහරි තැනක් හොයාගන්න , තැන් 2 ක් අතර දුර හොයගන්න වගේ 1000 ක් වැඩ වලට Google map වල තියන වටිනාකම නොදන්නා කෙනෙක් නෑ නේ.

ඒත් ඒකට තියන අවුල තමයි මේකට Internet connect වෙන්න අවශ්‍ය වෙන එක. ඉන්ටනෙට් නැති ඩොටේ තැනකට ගියාම මොන මැප්ද? ඒ වගේම තමයි අර ලොකු ලොකු page වලට යනකොට එන internet බිල.

එහෙම නිතරම internet connect නොවී වැඩේ කරන්නේ මෙහෙමයි.

මේක කරන්න පුළුවන් Nokia phone use කරන අයට විතරයි. (අනිත් අයටත් ලගදීම කියලා දෙන්නම්කෝ. මගේ තියෙන්නේ nokia phone එකක් නිසා මම මගේ එකෙන් මේක අල්ල ගත්තේ)

මේකට ඔයා ලග phone එකට support කරන Nokia OVI suite එක තියෙන්න ඕනේ..

ඒක නැති අය මෙතනින් download කරගන්න..

Nokia Suite 3.5.34

මේක install කරගෙන කොම් ඒකට phone 1 Nokia suite විදියට connect කරන්න. (Mass storage ලෙස නොවේ)

දැන් OVI suite එකෙන් Map යන්න.

දැන් ඔයා ඉන්න මහාද්වීපය තෝරන්න.


ඔයාගේ රට තෝරලා ඉස්සරහා තියන download button 1 click කරන්න. 


එතකොට file එකක් download වේවි. ලංකාවටනම් 19MB file එකක්.


download වෙලා ඉවර වුනාම phone 1 කොම් එකෙන් remove කරලා phone එකෙන් Map එකට යන්න. (මේ Map icon එක phone එකෙන් phone එකට වෙනස් වෙනවා. ඔයා Map එකට Normal යන විදියට යන්න)
 දැන් settings--->Genaral--->Connection--->Offline දෙන්න.
Settings

Genaral


දැන් මෙතනින් ඉවත් වෙලා phone 1 restart කරලා බලන්නකෝ වැඩේ...



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: